ටාලිම් තායිවානයට කඩා වදී ජනතාවට අවවාද

ටාලිම් තායිවානයට කඩා වදී ජනතාවට අවවාද

ටාලිම් නමින් හැඳින්වෙන නිවර්තනීය කුණාටුව තායිවානයට කඩාවැදිමත් සමග එරට බලධාරීන් විසින් දහස්ගණනක් ජනතාව අදාල ප්‍රදේශයෙන් ඉවත්කිරිමට , ගුවන් ගමන් සියගණනක් අවලංගුකිරීමට හා පාසල් වසා දැමීමට පෙරේදා පියවර ගෙන තිබිණ.

කුණාටුව හේතුකොටගෙන දකුණු ප්‍රදේශයේ සෙන්ටිමීටර 50 දක්වා පමණ වර්ෂාපතනයක් පැවති අතර මධ්‍ය කාලගුණ කාර්යාංශය ප්‍රකාශ කර ඇත්තේ එවන් දෙගුණයක වර්ෂාපතනයක් ඉදිරියේදී ඇතිවිය හැකි බවය. තවද කුණාටුවෙන් ජීවිත හානි හා දේපල හානි සිදුවිය හැකි බවද ඔවුන් පවසා ඇත. මේ නිසා සාමාන්‍ය ජනතාව දැඩි විමසිල්ලෙන් හා ප්‍රවේසමෙන් සිටිය යුතු බව ට ඔවුන් අනතුරු අඟවා තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා