තලේබාන් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළු 3ක් ඇතුළු 21ක් ජීවිතක්ෂයට

තලේබාන් මරාගෙන මැරෙන ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළු 3ක් ඇතුළු 21ක් ජීවිතක්ෂයට

ඇෆ්ගනිස්තානයේ කොස්ට් නගරයේදී තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවකු පෙරේදා ඔහුගේ යතුරු පැදිය ඇෆ්ගන්-නේටෝ මුරසේවා වාහනයක හැප්පවීමෙන් අමෙරිකානු සෙබළුන් තිදෙනකු ඇතුළු 21 දෙනකු ජීවිතක්ෂයට පත් කර තිබෙන බව බලධාරිහු ප්‍රකාශ කළහ.

පාකිස්තාන දේශසීමාසන්නයේ ඇතිවූ මේ සිද්ධියේදි තවත් 37 දෙනකු තුවාල ලබා ඇතැයි රෝහල් බලධාරීන් කියා තිබේ. මෙය කොස්ට් නගරයේ සති 3ක් ඇතුළතදී ඇතිවූ දෙවැනි ප්‍රබල ප්‍රහාරය වන අතර රජය මෙය තලේබානුවන් විසින් සිදුකරන ලද්දක් බව ප්‍රකාශ කර තිබේ. මේ අතර ‍තලේබාන් ප්‍රකාශක විසින් එහි වගකීම බාරගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා