දවස් තුනෙන් හැදූ මරද හොරගොල්ල පාර

දවස් තුනෙන් හැදූ මරද හොරගොල්ල පාර

ඔහු වයෝවෘද්ධ ය. ඔහු අපට කොළයක් දිගහැර යමක් පැවැසීමට උත්සාහ ගත්තේ ය. එහෙත් ඔහු ගේ වචනවලට පෙර කඳුළු පිට විය. ඔහු අපට පැවසීමට උත්සාහ දැරුවේ අවුරුදු පනස් පහකට පසු ඔහුගේ ගමට මාර්ගයක් ලැබී ඇති බව ය. ඔහු නමින් සුනිල් එස්. සොයිසා ය.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ නාත්තණ්ඩිය බල ප‍්‍රදේශයේ මරඳ සිට හොරගොල්ල දක්වා මාර්ගයක් තිබී නැත. මේ වන තෙක් එහි ජනතාව අසල්වැසියන් වේ. වතු උඩින් සහ මඩවගුරකින් යුත් ලඳු කැලෑවකින් ගමන් කිරීමට පුරුදුව සිටියා.

සුනිල් සොයිසා මහතා පවසන පරිදි මේ ප‍්‍රදේශයට. ඔහු පැමිණ ඇත්තේ මීට වසර පනස් පහකට පෙර ය. එදා සිට මේ දක්වා හොරගොල්ල සිට මරද දක්වා මාර්ගයක් තිබී නැත. මාරවිල නාන්තණ්ඩිය මාර්ගයට යෑම සඳහා එක් ගුරු පාරක් පමණක් තිබී ඇත.

මේ මරද සිට හොරගොල්ලට යන මාර්ගය ප‍්‍රාදේශීය සභා සිතියමේ සටහන්ව තිබුණත් ඒ සියලු ඉඩම් ජනතාව වැට මායිම් බැඳගෙන තිබේ. මේ පිළිබඳ පැවති රජයට මේ ජනතාව ඉල්ලීම් කළත් කිසිදු ඵල ප‍්‍රයෝජනක් ලැබී නැත.

එහෙත් මහින්ද චින්තනය ගම නැඟුම මග නැඟුම අද ඈත පිටිසර ගම්මාන දක්වා ගොස් තිබෙන බව මෙහි කදිම නිදසුනකි. දින තුනක් ඇතුළත මේ හොරගොල්ල සිට මරද දක්වා සිතියම් ගත මාර්ගය නවීකරණය කර ඇත.

ඒ සඳහා නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති සනත් ශී‍්‍රමාල් පෙරේරා මහතාගේ දායකත්වය නොඅඩුව ලැබී ඇත. මේ සඳහා රුපියල් ලක්ෂ 5 ක මුදලක් වැය කැර ඇති අතර, විශාල ශ‍්‍රම දායකත්වයක් ලබාගෙන ඇත.

නාන්තණ්ඩිය බල ප‍්‍රදේශයේ කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳ අදහස් දක්වන නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාවේ සභාපති සනත් ශී‍්‍රමාල් පෙරේරා මහතා -

නාන්තණ්ඩිය බල ප‍්‍රදේශය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකකින් හා ග‍්‍රාම නිලධාරි වසම් අනූ හතරකින් සමන්විතයි. අපේ ප‍්‍රදේශයේ ලොකුම අඩුපාඩු වශයෙන් තිබුණේ මාර්ග සහ පානීය ජල ප‍්‍රශ්නය. අපි මේ ප‍්‍රශ්ක දෙකට ම ඉතා සාර්ථකව මුහුණ දීලා විසඳුම් ලැබිලා තියෙනවා.

පසුගිය 2008 වසර සඳහා මාර්ග 80 ක් පිළිසකර කර තිබෙනවා. එය කිලෝමීටර් වලින් ගත් විට කිලෝමීටර් 30 ක ප‍්‍රමාණයක් මේ සඳහා රුපියල් ලක්ෂ 550 ක් වියදම් කර තිබෙනවා. ඊට අමතරව මෙම මාර්ග අසූව සඳහා මාර්ග අටකට එක මන්තී‍්‍රවරයා බැගින් අධීක්ෂණය කිරීමට අප කටයුතු කළා.

අප කළ සියලු කටයුතුවලට වඩා මරද සිට හොරගොල්ල යාකෙරෙන නව මාර්ගය ඉදිකිරීම ලොකුම ජයග‍්‍රහණයක්. ජන සභා මගින් ගත් තීරණයකට අනුව අප එම මාර්ගය දින තුනක් ඇතුළත සාදා නිම කළා. දැන් එම මාර්ගයට විදුලිය ලබාදීම හා නව කාණු පද්ධතියක් ඉදිකිරීමට පමණයි තිබෙන්නේ. එයත් මේ වසරේදී නිම කිරීමට බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව පානීය ජල ප‍්‍රශ්නයට විසඳුම් සඳහා රුපියල් මිලියන තිස්හතරක වියදමින් මැද නාත්තණ්ඩිය ප‍්‍රදේශයේ ජල ටැංකියක් ඉදි කර පවුල් දෙසීයකට දැනට ජලය ලබාදීමයට කටයුතු කර තිබෙනවා.

දැනට මේ ප‍්‍රදේශයේ තිබෙන ප‍්‍රශ්න අතරින් මරද ප‍්‍රදේශයේ ජලය බැසීමට ක‍්‍රමවත් කාණු පද්ධති සකස් කළ යුතුයි. මේ සඳහා රුපියල් කෝටි හතරක මුදලක් වැය කිරීමට නියමිතයි. නාත්තණ්ඩිය ප‍්‍රදේශයේ කුණු ප‍්‍රශ්න සඳහා සමෘද්ධි අධිකාරියක් පමණ එක්ව ඝන අපද්‍රව්‍ය මධස්ථානයක් ඉදිකිරීමට ද පියවර ගෙන තිබෙනවා. එහි ප‍්‍රතිලාභ මේ වසරේ ම ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

මෙසේ මහින්ද චින්තන මගින් ගම සංවර්ධනය කරමින් ගමේ දායකත්වයෙන් රට සංවර්ධනය කරමින් ගම් දායකත්වය මගින් රට සංවර්ධනය කිරීමට ජනාධිපතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මල්පල ගැන් වී තිබේ. නිසි අයුරින් මාර්ග නොතිබී දහසක් කම්කටොලු මැද දිවිගෙවූ ජනතාව අද සතුටු කඳුළු හෙළමින් තම ගමට ලැබුණ මාර්ගය පිළිබඳ ආඩම්බර වෙයි. එය ඔවුන් ගේ සිහිනයක් සැබෑ වූවා සේය.

නාන්තණ්ඩිය ප‍්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ අදහස් දක්වන ඩබ්ලිව්. ඊ. හැරිසන් පීරිස් මහතා - නාන්තණ්ඩිය ප‍්‍රදේශය පසුගිය අවුරුදු තුන ඇතුළත විශාල සංවර්ධනයක් සිදුවුණා. විශේෂයෙන් ම මරද හොරගොල්ල මාර්ගය සෑදීම මගින් අපට විශාල සෙතක් සැලසුණා. මම වෘත්තියෙන් තැපැල්කරුවෙක්.

මම මේ ප‍්‍රදේශයේ අවුරුදු තිහක් තැපැල්කරු ලෙස සේවය කරලා තියෙනවා. එහෙත් මරද සිට හොරගොල්ල දක්වා මාර්ගයක් නැති නිසා වතුවලින් පැන ගොස් ගුරුපාරවල් දිගේ් ගොස් තමයි ලියුම් බෙදුවේ දැන් හරිම පහසුයි මගේ වෘත්තීය කරගෙන යන්න . දැන් මගේ වැඩකටයුතු උදේ වරුව තුළ කරගෙන සවස් වරුවේ වෙනත් වැඩක නිරත විය හැකියි. ඊට අමතරව අපට පානීය ජල ප‍්‍රශ්නයක් තිබුණා. මොකද මේ ප‍්‍රදේශයේ වැලි පොළව තිබෙන වතුර කිවුල්.

ඊට පිළියමක් හැටියට මැද පහළ නාන්තණ්ඩියේ ඉදිකරනු ලැබූ ජල ටැංකියෙන් අපට දැන් ජලය ලබාගන්න පුළුවන්. අපට ජීවත්වීමට අවශ්‍ය යටිතල පහසුකම් ටික දැන ලැබිලා තිබෙන්නේ ඒ නිසා මේ ප‍්‍රදේශයේ ජනතාව සතුටින් ඉන්නේ.

මේ ප‍්‍රදේශයේ සංවර්ධන ප‍්‍රතිඵල භුක්ති විඳීන ඊ. ඩී. සිරිපාල මහතා මෙසේ පැවසීය.

අපේ ප‍්‍රදේශයේ තිබුණ විශාල ප‍්‍රශ්න නම් පානීය ජල ප‍්‍රශ්නය සහ මාර්ග පිළිසකර නොකිරීම. එහෙත් මේ වන විට අපේ පාරවල් බොහොමයක් ම කොන්කී‍්‍රට් කරමින් පවතිනවා. එයින් අපේ ගමනාගමනයට පහසු වෙනවා. ඊට අමතරව පානීය ජල ප‍්‍රශ්නයට විසඳුම වශයෙන් ජල ටැංකියක් ඉදිකර ජලය ලබාදී තිබෙනවා.

මේ සියලු සංවර්ධන කටයුතු කරන්නේ ත‍්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයක් කරගෙන යන ගමන් හෙට අනිද්දා මේ යුද්ධය අවසන් වූ පසු අපේ ප‍්‍රදේශයේ මීට වඩා සංවර්ධනයක් වේ යැයි අප විශ්වාස කරනවා. අපට ඉදිරියේ මීටත් වඩා සමෘද්ධිමත් ගමන ජීවය වන සිහිනය ළඟදීම සැබෑ වෙයි.

මේ ජනතාවගේ සිතේ් පවතින සිතන යථාර්ථයක් වන දිනය වැඩි ඈතක නොවේ. ජනාධිපතිතුමා ත‍්‍රස්තවාදයට එරෙහිව කරනු ලබන යුද්ධය අවසාන වනවාත් සමඟම රටේ සංවර්ධන යුද්ධය ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. මීට වඩා දෙගුණ, තෙගුණ ලෙස ශී‍්‍ර ලංකාවම සංවර්ධනය කිරීමට මහින්ද චින්තනයේ සඳහන් ය. එම යෝධ කි‍්‍රයාවලියට දිවයිනේ සියලුම ජනතාව සහභාගී කර ගැනීමට ද ජනාධිපතිතුªමා බලාපොරොත්තු වේ.

තම ප‍්‍රදේශයේ සංවර්ධනය වෙනුවෙන් අදහස් දක්වන උදේශ් කි‍්‍රශාන්ත පෙරේරා මහතා - අපේ ගමට මාර්ගයක් හා පානීය ජලය ලැබීම ගැන ලොකුම සතුටක් තිබෙන්නේ. විශේෂයෙන් මේ මාර්ගය ඉදිකිරීම සම්බන්ධයෙන් අපට මේ රජය ගැන හා නාත්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාව පිළිබඳ ලොකු පැහැදීමක් තිබෙනවා.

පසුගිය රජයත් අපේ මේ ප‍්‍රදේශයේ මාර්ගය සාදා දෙන්න කටයුතු කළේ නෑ. ශී‍්‍ර ලංකාවේ හොඳම ප‍්‍රාදේශීය සභාව ලෙස නාන්තණ්ඩිය ප‍්‍රාදේශීය සභාව නම් වුණත් පසුගිය වසරවල අපේ යටිතල පහසුකම් දියුණු වුණේ නෑ.

මේ ගෙවී යන්නේ යුද්ධයේ අවසන් දින කිහිපය බව සෑම ජනතාව ම දනී. ඉන්පසු ආරම්භ වන සංවර්ධන යුද්ධයට පෙරට ඒමට ජනතාව නොඉවසිල්ලෙන් බලාගෙන සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා