කළුතර කොළඹ පොල් වගාව නැංවීමට පියවර

කළුතර කොළඹ පොල් වගාව නැංවීමට පියවර

පොල් සංවර්ධන මණ්ඩලයේ කළුතර ප‍්‍රාදේශීය කාර්යාලය මගින් කළුතර සහ කොළඹ දිස්ති‍්‍රක්කවල පොල් වගාව සංවර්ධනය වෙනුවෙන් මේ වසර ඇතුළත පුළුල් වැඩසටහනක් ආරම්භ කර ඇත.

මේ යටතේ නව නැවත යටි වගාවන් වෙනුවෙන් අක්කර 600ක් ද, පුනරුත්ථාපන පොල් ඉඩම් අක්කර 260ක් ද වගා කිරීමට පියවර ගැනීමට නියමිතව ඇත. ගම නැඟුම වැඩපිළිවෙළට සමගාමීව ගෙවතු වගාවන් සඳහා පොල් පැළ 30,000ක් ද, වෙනත් ගෙවතු වගාවන් සඳහා පොල් පැළ 55,000ක් ද ලබාදෙනු ඇත.

පොල් පොහොර සහනාධාර ක‍්‍රමය යටතේ පොල් පොහොර මෙටි‍්‍රක් ටොන් 400ක් ලබාදීමටත්, පොල් වගාව යටතේ ග්ලිරිසීඩියා අක්කර 70ක් වගා කිරීමටද කි‍්‍රයා කෙරෙනු ඇත.

පොල් වගාව යටතේ අතුරු බෝග ලෙස අන්නාසි, පැපොල් සහ කෙසෙල් යන පළතුරු අක්කර 100ක වගා කිරීමට පියවර ගන්නා බව පොල් සංවර්ධන මණ්ඩලයේ සහකාර කළමනාකාර උදයසිරි සිල්වා මහතා සඳහන් කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා