රාගම රණවිරු සෙවණට භාණ්ඩ පරිත්‍යාගයක්

රාගම රණවිරු සෙවණට භාණ්ඩ පරිත්‍යාගයක්

ආබාධිත වූ රණවිරුවන්ගේ සුබ සාධනය සඳහා රාගම පිහිටි රණවිරු සෙවණට භාණ්ඩ පරිත්‍යාග කිරීමක් පසුගියදා සිදු කැරිණි.

කැලණිය විශ්වවිද්‍යාලයීය සුබ සාධක සංගමය හා වෘත්තීය සංගම් එක්ව කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන පරිපාලන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල භවතුන්ගේ සහභාගීත්වයෙන් රාගම රණවිරු සෙවණේදී මෙය පැවැත්විණි.

මේ සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය, පරිපාලන නිලධාරීන්ගේ සංගමය, සුබ සාධක සංගමය, අන්‍යෝන්‍යාධාර සංගමය, ලිපිකාර හා කාර්මික නිලධාරීන්ගේ සංගමය, ජාතික සේවක සංගමය, කාර්මික නිලධාරීන්ගේ සංගමය, පුස්තකාල සහකාර නිලධාරීන්ගේ සංගමය, විද්‍යාගාර සහායක සංගමය, අන්තර් විශ්වවිද්‍යාලයීය සේවක වෘත්තීය සංගමය සහ ශ‍්‍රී ලංකා නිදහස් සේවක සංගමය දායක වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා