මහින්ද රාජපක්ෂ ජනපති වූ නිසා දෙකඩ වෙන්න ගිය රට එකක් වුණා

මහින්ද රාජපක්ෂ ජනපති වූ නිසා දෙකඩ වෙන්න ගිය රට එකක් වුණා

- අනගාරික ධර්මසේකර

සිතියම් ගසා කොටියාට රටින් කොටසක් වෙන් කොටදී තිබූ අවාසනාවන්ත රනිල් යුගය ජාතියේ පිනට පහළ වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නිසා වැළැකී ගිය බවත් ඒ නිසා කැඩී බිඳී යාමට තිබූ ශ‍්‍රී ලංකාව එක් සේසත් වූ බවත් අනගාරික ජී. අයි. ඩී. ධර්මසේකර මහතා පවසයි.

ඒ මහතා එසේ පැවැසුවේ පයාගල හල්කඳවිල ශ‍්‍රී පූර්වාරාම විහාරස්ථ දහම් පාසලේ ත්‍යාග හා සහතික පත් බෙදා දීමේ උත්සවයට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ධර්මසේකර මහතා මෙසේද පැවැසීය.

බණ්ඩාරනායක මැතිණියගෙන් ජේ. ආර්. ජයවර්ධන මහතාට ලංකාව භාර දෙන විට ලංකාවේ බිම් අඟලක් වත් කොටින්ට තිබුණේ නැහැ. කොටි කඳවුරු කොහේවත් තිබුණේ නැහැ. ජේ. ආර්. පෙ‍්‍ර්මදාස යුගය ඉවර වෙලා යන කොට ලංකාවෙන් තුනෙන් පංගුªªවක් කොටියාට අයිති වෙලා.

හින්ද ජනාධිපතිවරයා එන්න කලින් රනිල් වික‍්‍රමසිංහ මහතා අවුරුදු දෙකක් රට පාලනය කළා. ඒ කාලයේ සිතියම් ගහලා කොටියට ප‍්‍රදේශ වෙන් කරලා දුන්නා. කොටින්ගේ ගුවන් පථ දැක්කා. බෝම්බ දාන්න තහනම්. ගුවනින් ගිහින් බෝම්බ දාන්න තහනම්. මොකද ඒ කොටින්ගේ පිළිගත් භූමි නිසා. ඒ වගේම ජාත්‍යන්තර බලවේග කියා හිටියා සන්ධීය ආණ්ඩු ක‍්‍රමයකට යන්න කියා.

චන්ද්‍රිකා ඉන්න කොටත්, රනිල් මහත්තයා ඉන්න කොටත් සරත් ෆොන්සේකා මහත්තයා ඇතුළු යුද නායකයන් සියල්ලන්ම හිටියා. ඒත් ගහන්න බලය දුන්නේ නෑ. මොකක්දෝ පිනකට මහින්ද මහත්තයා ජනාධිපති වුණු නිසා රට බේරුණා.

නැතිනම් රට දෙකක් වෙන්න ගියේ. ලංකාව දැන් එකක් වෙලා. සිංහල අවුරුද්ද වෙන කොට එකම රටක නිදහස් අවුරුද්ද සමරන්න අපිට පුළුවන් වෙයි.

මේ උත්සව සභාව අමතා මලේගොඩ නන්ද වස්කඩුවේ රතනසිරි සහ හෙරලන්තුඩුවේ නන්දවංශ හිමිවරුද ගිහි පැවිදි කීප දෙනෙක්ද කතා කළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා