කළුතරට එජාප නායකත්වයක් නොමැතිවීමෙන් .....

කළුතරට එජාප නායකත්වයක් නොමැතිවීමෙන්
පළාත් සභා අපේක්ෂකයන් තේරීමේදී ගැටලු

කළුතර දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්ෂයට නායකත්වයක් දීමට කිසිවකු නොමැති නිසා මෙවර පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයින් තේරීම මහත් ගැටලුවක් පවතින බව කළුතර දිස්ති‍්‍රක්කයෙන් ලැබෙන දේශපාලන ආරංචි මාර්ගවලින් කියැවේ.

කළුතර දිස්ති‍්‍රක්කයේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගෙන සිටි මහින්ද සමරසිංහ මහතාත් වෛද්‍ය රාජිත සේනාරත්න මහතාත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වීම නිසා මේ තත්ත්වය උදාවී ඇත.

මහින්ද චින්තනය පිළිගත් මහින්ද සමරසිංහ මහතා දැනට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව අගලවත්ත ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයා වශයෙන් පත්ව සිටී.

වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ද එජාපයෙන් ඉවත්ව මේ රජයේ ඉදිකිරීම් සහ ඉංජිනේරු සේවා ඇමැතිවරයා වශයෙන් සේවය කරයි. ලබන මහා මැතිවරණය වනවිට වෛද්‍ය රාජිත සේනාරත්න මහතාද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්ව කළුතර හෝ බේරුවල සංවිධායකවරයා වශයෙන් තරග කිරීමට තිබේ.

රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ බේරුවල ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ ඉමිටියාස් බාකිර් මාකර් මහතා දැනට දේශපාලන වශයෙන් නිහඬව සිටීම නිසාත් එක්සත් ජාතික පක්ෂයට නායකත්වයක් දීමට කිසිවෙකු නොමැති තත්ත්වයක් උදාවී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා