රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවි දුන්

රටේ ඒකීය භාවය වෙනුවෙන් දිවි දුන් රණවිරුවන්ට
අප සැමදා ණය ගැතියි

– කටාන ශ‍්‍රීලනිප සංවිධායිකා

ශ‍්‍රී ලංකාවේ 61 වැනි නිදහස් දිනය අද අපි නිදහසේ සමරනවා. මේ අවස්ථාව අපිට ලැබී තියෙන්නේ ජනාධිපතිතුමාගෙ නිවැරැදි දේශපාලන නායකත්වයත් රණවිරුවන්ගේ කැපවීමත් නිසා යැයි කටාන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායිකා විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

ඇය මෙසේ පැවැසූයේ රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන්ට සහ රට වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් වදින තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ රණවිරුවන්ට උපහාර පිදීම, දේශාභිමානී ගී ප‍්‍රසංගය හා 61 වැනි නිදහස් දිනය සැමරීම නිමිත්තෙන් පැවැති උත්සවයේදීය. මේ උත්සවය තිඹිරිගස්කටුවේදී පැවැත්විණ.

ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය මෙසේ ද පැවැසුවාය.

අපේ රටේ ඒකීය භාවය හා ස්වෛරිභාවය සහ නිදහස වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට අපි සැමදා ණයගැතියි.

ඒ වගේම රටේ ඒකීය භාවය වෙනුවෙන් සිය ජීවිතය කැප කළ දේශපාලන නායකයන්. මගේ ආදරණීය ස්වාමිපුරුෂයා වන මහා මාර්ග ඇමැතිව සිටි ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු සියලුම දෙනා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕනෑ.

අවුරුදු 3ක් වැනි කෙටි කාලයකදී යුද්ධය නිම කිරීමට හැකිවේවි කියා බලාපොරොත්තු වෙනවා. මේ සියල්ල කිරීමට හැකිවුණේ ජනාධිපතිතුමාගේ නිවැරැදි නායකත්වය හා රණවිරුවන්ගේ කැපවීම නිසයි. ස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති ලලිත් වනිගරත්න, කටාන ප‍්‍රාදේශීය ලේකම් එම්. එච්. ජී. බණ්ඩාර මහත්වරුද කථාකළහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා