නේපාල අගමැති පෞද්ගලික ලේකම්ට වෙඩි ප‍්‍රහාරයක්

නේපාල අගමැති පෞද්ගලික ලේකම්ට වෙඩි ප‍්‍රහාරයක්

නේපාල අගමැති පුෂ්පකමල්දාල් ගේ පෞද්ගලික ලේකම් ශක්ති බැස්නට් ගිනි අවියෙන් සන්නද්ධ පුද්ගලයකු එල්ල කළ ප‍්‍රහාරයකින් පෙරේදා තුවාල ලබා ඇත.

ඔහු සිය නේවාසිකස්ථානය ඉදිරිපිට රිය නවතා ඉන් බසිද්දී තුවක්කුකරු ඔහුට වෙඩි වට පහක් එල්ලකැර ඇත.

පොලිසිය පවසා ඇති පරිදි වෙඩි තැබීමෙන් ඔහුගේ කලවය තුවාල වී ඇත. ඔහුගේ තුවාල ජීවිත තර්ජනයකට හේතු නොවන බව වෛද්‍යවරුන් පවසා තිබේ.

ප‍්‍රහාරකයා තවමත් නිදැල්ලේ පසුවන අතර ස්ථාන කීපයකදී සැකකරුවන් 20 දෙනකු පමණ අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කරන බව පැවැසේ.

සිද්ධියෙන් පසු අගනගරයේ ආරක්ෂාවද තරකෙරී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා