ඉරාක-ඇෆ්ගන් යුද බිමේදී මියයන අමෙරිකා සෙබලුන් පිළිබඳ සමාලෝචනයක්

ඉරාක-ඇෆ්ගන් යුද බිමේදී මියයන අමෙරිකා සෙබලුන්
පිළිබඳ සමාලෝචනයක්

ඉරාක හා ඇෆ්ගන් යුද බිම්වලදී මියයන අමෙරිකානු සෙබළුන් පිළිබඳ මාධ්‍ය ආවරණ තහනම නව අමෙරිකා රජය සමාලෝචනයට ලක් කරන බව ජනාධිපති බැරැක් ඔබාමා පෙරේදා කීවේය.

ඔහුගේ පූර්වගාමියාවන ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ගේ පරිපාලනය විසින් පනවනලද එම මාධ්‍ය ආවරණ තහනම සම්බන්ධ මතභේදාත්මක පිළිවෙත සැකයට භාජනය වී ඇති අතර එය ප‍්‍රතිසමාලෝචනයකට ලක්කරන බව ඔබාමා සිය පළමුවන පුවත්පත් සාකච්ඡාවේදී පැවැසීය.

මේ සම්බන්ධයෙන් ආරක්ෂක දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරන බවද ඔහු කීවේය.

ඉරාක ඇෆ්ගන් යුද්ධවලදී මියයන හමුදා භටයන් පිළිබඳ මාධ්‍ය ආවරණ තහනම දැනටමත් භටයන් 5000 ක් පමණ මියගිය, එම යුද්ධවල බලපෑම අවතක්සේරුවට ලක්කිරීමක් බවත් බුෂ්ගේ එම තීරණය පිළිබ¼ඳව ඔහුට විවේචන නැගුණු බවත් පැවැසී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා