පාකිස්තාන පරමාණු බෝම්බයේ පියා නිවාස අඩස්සියෙන් නිදහස්

පාකිස්තාන පරමාණු බෝම්බයේ පියා නිවාස අඩස්සියෙන් නිදහස්

න්‍යෂ්ටික අවි තාක්ෂණ රහස් ඉරානය ලිබියාව හා උතුරු කොරියාවට ලබා දුන්නේය යන චෝදනා මත 2004 පෙබරවාරි මස සිට නිවාස අඩස්සියේ පසුවූ පාකිස්තාන පරමාණු බෝම්බයේ පියා ලෙස විරුදාවලී ලත් 72 හැවිරිදි විද්‍යාඥ අබ්දුල් කදීර් ඛාන් ඉකුත් සිකුරාදා සිට නිවාස අඩස්සියෙන් නිදහස් කැරිණි.

අමෙරිකාවේ ඉල්ලීම පිට යළිත් න්‍යෂ්ටික රහස් ව්‍යාප්ත කිරීමේ තර්ජනයක් ඔහුගෙන් මතු නොවන පිණිස ඔහුට සීමා බන්ධන කීපයක් පනවා ඇතැයි පකිස්තාන බලධාරීන් ප‍්‍රකාශ කැර තිබේ.

කදීර් ඛාන් පකිස්තාන අගනගරයෙන් බැහැරවන්නේ නම් ඊට පැය 48 කට කලින් ඒ බව රජයට දැනුම්දීමට සිදුව ඇති අතර ඔහුගේ ගමන් බිමන් සීමා කිරීමට ද පකිස්තාන රජය පියවර ගෙන ඇති බව සඳහන් කරන අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඊටත් වඩා යමක් කිරීමෙන් ඔහු තර්ජනයක් නොවන බවට තහවුරුකිරීමේ හැකියාවක් පකිස්තාන බලධාරීන් සතු බව කියා සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා