වැසි සමයත් සමඟ පාලින්ද නුවර අවට වැලි මිල ඉහළ ගිහින්

වැසි සමයත් සමඟ පාලින්ද නුවර අවට වැලි මිල ඉහළ ගිහින්

දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාලින්දනුවර ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයේ වැලි හිඟයක් ඇතිවි ඒවායේ මිල ගණන්ද ශීඝ‍්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

ගංඟා ආශ‍්‍රිතව වැලි ගොඩ දැමීමට පවතින අපහසුතා හමුවේ බොහෝ දෙනකු වගා නොකළ කුඹුරු ආශ‍්‍රිතව වළවල් හාරා වැලි ගොඩදැමීමට යොමුව සිටිති. ප‍්‍රදේශයේ වැලි ට‍්‍රැක්ටරයක මිල මේ වන විට රුපියල් තුන්දහස දක්වා ඉහළ ගොස් තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා