මිනුවන්ගොඩ පුරන් කුඹුරු අක්කර 80ක් වගා කැරේ

මිනුවන්ගොඩ පුරන් කුඹුරු අක්කර 80ක් වගා කැරේ

මිනුවන්ගොඩ ගොවිජන සේවා බල ප‍්‍රදේශයේ වසර 20කට අධික කාලයක් පුරන් වී තිබූ කුඹුරු අක්කර 80ක් මෙවර මහා කන්නයේදී වගා කිරීමට කටයුතු යොදා තිබේ. මිනුවන්ගොඩ අඹගහවත්ත, ගල්ලොළුව ප‍්‍රදේශවල පිහිටි පුරන් කුඹුරු මෙසේ වගා කෙරේ.

මේ පුරන් කුඹුරු සඳහා ජලය ලබා ගැනීමට ඇළ මාර්ග ඇතුළු අනෙකුත් පහසුකම් සංවර්ධනය කිරීම සඳහා බස්නාහිර පළාත් ප‍්‍රධාන ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගේ මැදිහත්වීමෙන් ප‍්‍රතිපාදන ලබාදීම සිදු කරන බව මිනුවන්ගොඩ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ගොවිජන සංවර්ධන නිලධාරිණී එල්.ටියුරා මහත්මිය පැවැසී ය.

මීට අමතරව පුරන් කුඹුරු වගා කිරීම සඳහා ජාතිය ගොඩනැගීමේ අමාත්‍යාංශය මගින් ගොවීන්ට බිත්තර වී සහ පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය නොමිලේ ලබා දීමටද කටයුතු යොදා ඇති බව ටියුරා මහත්මිය වැඩිදුරටත් පැවැසුවා ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා