බාල දක්ෂ ව්‍යාපාරයෙන් සිදු වූ සමාජ මෙහෙවර අගය කරනවා

බාල දක්ෂ ව්‍යාපාරයෙන් සිදු වූ සමාජ මෙහෙවර අගය කරනවා

බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර යසපාල කෝරළගේ

ශී‍්‍ර ලංකාව ප‍්‍රධාන ලෝකයේ රටවල් විශාල ප‍්‍රමාණයක බාල දක්ෂ ව්‍යාපාරය ව්‍යාප්ත වී තිබෙන්නේ විනයගරුක සමාජයක් ගොඩනැගීම පදනම් කැර ගනිමින් බවත් බාල දක්ෂ ව්‍යාපාරයෙන් මෙතෙක් සිදුවූ පුළුල් සමාජ මෙහෙවර අප ඉතා අගය කරන හෙයින් බාල දක්ෂ ව්‍යාපාරයක් හොරණ - පාණදුර දිස්ති‍්‍රක් මධ්‍යස්ථානය සඳහා ඉළිම හන්දිය අසල ඉඩමක් පරිත්‍යාග කිරීමට හොරණ ප‍්‍රාදේශීය සභාව ඉදිරිපත්වීම බෙහෙවින් අගය කරන බවත් හොරණ ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර යසපාල කෝරළගේ මහතා පැවැසී ය.

ඒ මහතා එසේ පැවසුවේ හොරණ - පාණදුර බාල දක්ෂ ව්‍යාපාරයේ දිසා කොමසාරිස් ආනන්ද කුලසිරි ද සිල්වා මහතා වෙත අදාළ ඔප්පුව පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ඒ මහතා මෙසේ ද පැවැසී ය.

පාණදුර - හොරණ බාල දක්ෂ දිස්ති‍්‍රක්කයේ සේවාවන් මඟින් මේ රටට සමාජයට පුළුල් මෙහෙවරක් සිදුවී තිබෙනවා. මධ්‍යම රජයට පළාත් සභාව ප‍්‍රාදේශීය සභාව හරහා බාල දක්ෂ ව්‍යාපාරයේ කාර්යයන් සඳහා සහයෝගය දක්වන්නට පුළුවන්.

මුනගම පුරයෙහි විශාල පොදු ඉඩම් ප‍්‍රමාණයක් තිබෙනවා. හොරණ ප‍්‍රාදේශීය ලේකම් තැනගේ නිර්දේශ මත බණ්ඩාරගම පිහිටි සෙමින් මනස වැඩෙන දරුවන්ගේ අභිවෘද්ධි මධ්‍යස්ථානය සඳහා ඉඩම් කොටසක් ලබා දුන්නා.

පාණදුර - හොරණ බාල දක්ෂ දිස්ති‍්‍රක්කයේ දිසා කොමසාරිස් ආනන්ද කුලසිරි ද සිල්වා මහතා:- හොරණ - පාණදුර ඒකාබද්ධ කරමින් දැනට බාල දක්ෂ ව්‍යාපාරයේ කාර්යයන් ඉතා සාර්ථකව සිදුවෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් රටට අවංක පුළුල් සේවයක් කරන්නට හැකි උදාර නායකයෙක්.

දැනට කරගෙන යන්නාවු රට එක්සත් කිරීමේ උතුම් කාර්යයන් සඳහා අපේ පූර්ණ සහයෝගය ලබා දෙන්නට ප‍්‍රතිඥා දෙනවා.

පරිපාලන දිසා කොමසාරිස් එච්.කේ. සෝමසිරි, නියෝජ්‍ය කොමසාරිස් විල්මට් පෙරේරා, සහකාර දිසා කොමසාරිස් වැඩ සටහන් අමිල අරවින්ද තිසේරා ඇතුළු නියෝජිතවරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා