දිනෙන්දින පරිහානිය කරා ළඟා වන මීගහතැන්න දිසා රෝහල

දිනෙන්දින පරිහානිය කරා ළඟා වන මීගහතැන්න දිසා රෝහල

මීගහතැන්න රජයේ දිසා රෝහලේ කාන්තා වාට්ටුවල වැසිකිළි අලුත්වැඩියා කිරීම අතරමග නවතා දැමීමෙන් නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගී කාන්තාවෝ දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති.

මේ රෝහලේ ඉදිකිරීම් කටයුතු වල නියැලෙන කොන්ත‍්‍රාත්කරුවන්ගේ මවාපෑම් නිසා කලකසිට රෝහල විනාශය කරා යමින් පවතී. ගොඩනැගිලි ඉදිකිරීම පරික්ෂාවට ලක් කරන ඇතැම් නිලධාරීන් කොන්ත‍්‍රාත්කරුවන්ගේ හිතවතුන්වී ඔවුන්ගේ සාක්කුවට වැටී ඇතැයි ප‍්‍රදේශවාසීහු චෝදනා කරති.

දැනට මීගහතැන්න රෝහලේ පවතින අපිරිසිදුතාව නිසා මෙහි නේවාසිකව ප‍්‍රතිකාර ලබාගන්නා රෝගීන්ගේ සංඛ්‍යාව පහත වැටී ඇත. සුළු වැස්සකදී පවා රෝහල් වාට්ුවලට සහ කොරිඩෝව පුරා වතුර ගලා යයි. රෝහලේ මුළුතැන් ගෙය පවා අපිරිසිදු වී ඇත.

රෝහලට යන පාර විනාශ වීම නිසා ගිලන්රථය පවා රෝහලට යන්නේ අපහසුවෙනි. පිරිමි වාට්ටුවේ වැසිකිළිවලින්ද හමන දුගඳ රෝහල් වාට්ටු කරා පැතිර යයි.

රෝගීන් මෙන්ම හෙදියන්ද වෛද්‍යවරුද රෝහලේ පවතින අඩු පාඩු නිසා පීඩා විඳිති. බස්නාහිර පළාත් සෞඛ්‍ය ඇමැතිවරයාගේ අවධානය මීගහතැන්න රෝහල කෙරේ යොමු විය යුතු බව ප‍්‍රදේශවාසීහු කියති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා