රජ වත්ත හරස් මාර්ග ප‍්‍රදේශයේ දිවි පිදු රණවිරුවන් නමින් නම් කැරේ

රජ වත්ත හරස් මාර්ග ප‍්‍රදේශයේ දිවි පිදු රණවිරුවන් නමින් නම් කැරේ

රට ජාතිය වෙනුවෙන් දිවි පිදු කළුතර රජවත්ත කොට්ඨාසයේ රණවිරු පවුල් 12 ක රණවිරුවන් නමින් එහි හරස් මාර්ග නම් කෙරේ.

මේ වසරේදී කළුතර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාමනිලධාරී කොට්ඨාස මට්ටමින් කි‍්‍රයාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති යටතේ මේ කටයුතු සිදුවේ.

රජවත්ත අලුත් කොටස 729 ජී ග‍්‍රාම නිලධාරී නන්දන කනකරත්න මහතාගේ මූලිකත්වයෙන් මේ කාර්ය සිදු කෙරේ.

රජවත්ත ශ‍්‍රී සාමවිහාරාධිපති ගිනිගත්හේනේ ඥානසිහ හිමිපාණන්ගේ අනුශාසනා පරිදි රණවිරුවන් නමින් මාර්ග නම් කිරීම සිදුවේ.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා