පොතුකුඹුරේ පාලම  කඩිනමින් ඉදිකැරේ

පොතුකුඹුරේ පාලම  කඩිනමින් ඉදිකැරේ
 

අලුත්ගම අවිත්තාව ප‍්‍ර‍්‍රධාන මාර්ගයේ පිහිටි පොතු කුඹුරේ මහ පාලමේ වැඩ කටයුතු කඩිනමින් සිදුකෙරෙන අයුරුයි මේ.

අලුත්ගම – අවිත්තාව ප‍්‍රධාන මාර්ගයේ ඉත්තෑපාන – මල්ලිවත්ත අතර පිහිටි පොතුකුඹුරේ මහ පාලමේ කොටසක් කඩා වැටී තිබියදී තහඩුවක් උඩින් දමා වාහන ධාවනය කැරවීමේ අනතුරුදායක තත්ත්වය පිළිබඳ දිනමිණ පුවතින් කරුණු අනාවරණය කිරීමෙන් පසු දිනමිණ පුවත පල දරමින් පාලම ගලවා දිරූ යකඩ කඳන් ඉවත් කොට නැවත පාලම කඩිනමින් මේ දිනවල ඉදිකෙරේ.

මෙවැනි පුවත් කඩිනමින් දිනමිණ පුවත්පතින් හෙලිකොට මහජන සුරක්ෂිතභාවය ඇතිකොට අනතුරු වළක්වා යහපත සැලැසීම පිළිබඳ විශාල මහජනතාවකගේ ජනතා ප‍්‍රසාදය සහ ස්තුතිය ඔවුහු දිනමිණට පලකර සිටිති.

දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ දායකත්වය මත ඉදිකෙරෙන පාලමේ දෙපස ඇදි දෙක ලබාදීමට කළුතර මාර්ග සංවර්ධන අධිකාරිය පොරොන්දු වී ඇති බවත් පාලමේ ඇඳි දෙක ඉක්මනින් ලදහොත් පාලමේ වැඩකටයුතු කඩිනමින් අවසන් කරන බව ඔවුහු පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා