පෞද්ගලික රෝහල්වලින් ලේ පරීක්ෂා කිරීමේදී අධික මිලක් ගෙවන්න වෙලා

පෞද්ගලික රෝහල්වලින් ලේ පරීක්ෂා කිරීමේදී
අධික මිලක් ගෙවන්න වෙලා

කටාන හා මීගමුව ප‍්‍රදේශයේ ඩෙංගු මදුරු උවදුර සඳහා ලේ පරීක්ෂා කිරීමට සිදුවන අඩු ආදායම්ලාභීන්ට ඒ සඳහා පෞද්ගලික රෝහල්වලින් රුපියල් 3000 ක් පමණ අය කිරීම නිසා ඔවුන් බලවත් දුෂ්කරතාවකට පත්ව සිටින බව වාර්තාවේ.

මේ නිසා එවැනි පුද්ගලයන්ට ඩෙංගු රෝගය වැළඳීමේ අවධානම අධික බවද හෙළි වී ඇත.

මේ නිසා අඩු ආදායම්ලාභීන්ට රජයේ රෝහල් මඟින් ඩෙංගු රෝගය සඳහා පරීක්ෂා කැර ගැනීමට අවකාශ සලසන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

මේ අතර ඇතැම් පුද්ගලයන් සිය නිවෙස්වලින් බැහැර කරන කැළිකසළ මලු සීදූව-කොටුගොඩ මහා මාර්ගයේ සීදූව පාලම අවට ප‍්‍රදේශයට රාතී‍්‍ර කාලයේ ගෙනැවිත් දැමීමට පුරුදු වී ඇත.

මේ නිසා මදුරුවන් බෝවීම වර්ධනය වන හෙයින් ඒ ගැන දැඩි පියවරක් වහා ගතයුතුව ඇතැයි ප‍්‍රදේශවාසීහු පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා