හෝමාගම – මහරගම ධාවනය වූ අංක 577 බස් සේවය අඩාලයි

හෝමාගම – මහරගම ධාවනය වූ අංක 577 බස් සේවය අඩාලයි

මහරගම ඩිපෝව මඟින් මාර්ග අංක 577 යටතේ ධාවන වූ හෝමාගම මහරගම බස් රථ ධාවනය ඇණ හිට ඇති නිසා ප‍්‍රදේශ රැසක ජනතාව දැඩි අපහසුතාවකට පත්ව ඇත.

හෝමාගම රෝහල , ගලවිල පුර, මාලපල්ල සහ කොට්ටාව යන ප‍්‍රදේශ හරහා ගමන් ගත් මේ බස්රථ නතර වීම නිසා විශේෂයෙන් පාසල් සිසුන් හා රැකියා කරන්නන් මහරගම දෙසට යාමට බස්රථ කීපයකම ගමන් කිරීමට සිදුව තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා