සංඝරාජ මා හිමි හා සමස්ත ලංකා කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමය

සංඝරාජ මා හිමි හා සමස්ත ලංකා කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමය

ක්‍රි.ව. 1698 ජුනි 19 වන දින කන්ද උඩරට වැලිවිට ග්‍රාමයේ කුලතුංග පරපුරේ උපත ලත් කුලතුංග බණ්ඩාර කුමරු කුඩා කල සිටම ආගමානුකූ®ල ජීවිතයකට හුරු විය. එහි ප්‍රතිඵලය වූයේ සූරියගොඩ විහාරයේදී සරණංකර නමින් 18 වන සියවසයේ මුල් භාගයේ එනම් (ක්‍රි. ව. 1714 දී) පැවදි බිමට පත් වූහ.

මේ වන විට භික්ෂූ ශාසනයේ දැඩි පරිහානියකට පත්ව තිබිණි. ඒ නිසාම සාමණේරයන් වහන්සේ සිල්වත් සමාගම පිහිටුවා ගනිමින් ප්‍රතිපත්ති පූරණයෙන් කටයුතු කළහ.

ඒ දවස හැමදෙනාගේම ප්‍රසාදයට පත් උන්වහන්සේ ලක හිස් වූ උපසම්පදාව නැවත පිහිටුවා ගැනීම සඳහා රාජ්‍ය අනුග්‍රහය සහිතව ක්‍රි. ව. 1753 ඇසළ මස පුර පසළොස්වක පොහෝ දින සියම් දේශයෙන් (තායිලන්තයෙන්) වැඩම්මවා වදාළ උපාලි හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන භික්ෂූන් වහන්සේලාගේ කාය ශාක්ෂිවශයෙන් උන් වහන්සේ ඇතුළු 6 නමක් උපසම්පදා ශීලයෙහි පිහිටුවා ලැබූහ.

භික්ෂූ ශාසන ප්‍රතිසංශෝධනය අධ්‍යාපනික පුනර්ජීවනයට උපහාරයක් ලෙස කීර්ති ශී‍්‍ර රාජසිංහ රජු විසින් සංඝරාජ පදවියට පත් කරන ලදී. “උඩ¼ගු නොව මහණ” යන තේමා පාඨය හදෙහි නන්වා ගනිමින් ජාතික ආගමික ශාසනික අධ්‍යාපනික සේවාවන් සඳහා කළ මෙහෙය සිහිගන්වනු වස් සෑම වර්ෂයකම ජුනි මස 19 වන දින ජාතික පිරිවෙන් දිනය ලෙස නම් කර ඇත.

පිරිවෙන හැම කල්හි ආගමික ශාස්ත්‍රීය ප්‍රතිපත්ති ගරුක සමාජයක් බිහි කිරීම සඳහා තෝතැන්නක් විය. අද මේ සදහා කැපවූ ගිහි පැවිදි ප්‍රභූන්ගේ අභිලාශයන් ඒ අයුරින් ම ඉටු වේද යන්න සැක සහිතය. දම්සක් සූත්‍රයෙන් ඒ දවස පස් වග මහණුන් අමතන බුදුරජාණන් වහන්සේ අප පිරිවෙන පිරුවන පන්සලෙහි කාර්යභාරය මනා කොට අර්ථකතනය කොට දක්වා ඇත.

විශ්ව ගම්මානයකට පියමන් කොට ඇත. මූලික පරමාර්ථයන් වන පරියාපත්ති, ප්‍රතිවේද, ප්‍රතිපත්ති නොබිඳා කටයුතු කිරීම විශේෂයෙන්ම භික්ෂූන්ගේ වගකීම හා කාර්යභාරය වේ. ශික්‍ෂාකාමී භික්‍ෂු පරපුරක් ගොඩනැගීමට සමස්ත ලංකාවෙහිම ගරු කෘත්‍යාධිකාරී පරිවේණාධිපති හාමුදුරුවන් වහන්සේලාට ඇති වගකීම අතිමහත්ය. එහි ගුණාත්මක භාවය වැඩිදියුණු කරගැනීම සඳහා පිරිවෙන් සමස්ත ලංකා පරිවේණාධිපති පළමු සංගමය 1985 ඔක්තෝම්බර් මස 19 වන දින කොළඹ 09 ධර්මදූතාශ්‍රම මහා පිරිවෙණේදී ආරම්භ කරන ලදී.

එය කෙටි කාලයකදී නාම මාත්‍රිකව පැවැති හෙයින් 2002 වසරේ ගාල්ල මාතර රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇති වූ ගං වතුරින් පිරිවෙන් ආයතන වලට ඇති වූ භෞතික ව්‍යසනයන්හිදී අත දීම සඳහා ක්‍රමවේදයක් නොවූ බැවින් සමස්ත ලංකා පිරිවෙන් කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමය 2003 ජූලි මස 22 වන දින කොළඹ 09 ධර්මදූතාශ්‍රම මහා පිරිවෙණේ දී විශ්‍රාම ලත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ ජනරාල් මාදෝවිට ප්‍රඤ්ඤාරාම නාහිමියන් ඇතුළු නිලධාරින් එක්ව උක්ත සංගමය පිහිටුවා ගන්නා ලදී.

මෙහි මූලාරම්භයේ ගරු සම ලේකම් ධූරය දැරූ අපවත් වී වදාළ තියබරාහේනේ විමලානන්ද හාමුදුරුවන් වහන්සේ කෘතඥපූර්වකව සිහිකරමි. ආරම්භක සභාපති ධූරයේ වැඩ භාරගත් කෝම්පිටියේ සිරි සුසීල හාමුදුරුවන් වහන්සේ හා භාණ්ඩාගාරික හබරකඩ සෝරත නාහිමියන් අතුළු අප නිලධාරි මඬුල්ල සංගමයේ උන්නතිය සඳහා කරන සේවාව අතිමහත්ය. සමස්ත ශී‍්‍ර ලංකාවෙහිම දිස්ත්‍රික් මට්ටමින් කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගම් බිහිවී ඇත. එහි මවු සංගමය ලෙස මෙය කටයුතු කරයි. එහෙත් ඇතැම් සංගම් වල නිලධාරීන් මේ සඳහා දක්වන උනන්දුව ඉතා අල්පය. එනිසාම මේ සංගමයේ සමලේකම් වරයා හැටියට මෙහිදී මා යෝජනා කරන්නේ ඔබ දිස්ත්‍රික්වල ඇති ගැටලු නිරාකරණය කර ගැනීමටත් විනයගරුක ශික්‍ෂාකාමී කාර්යශූර ගිහි පැවිදි සමාජයක් බිහි කරලීමට එක් වන ලෙසයි.

පසුගිය වසරේ සිට පළාත් මට්ටමින් ජාතික පිරිවෙන් දින උත්සවය පැවැත්වීමට තීරණය කලහ.

එහි දෙවන රාජ්‍ය උත්සවය ලෙස ගාලු දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී පරිවේණාධිපති පුනරුද සංමය හා එම දිස්ත්‍රික් සහකාර පිරිවෙන් අධ්‍යාපන අධ්‍යක්‍ෂ බලගොඩ අමරජෝති හාමුදුරුවන් වහන්සේ හා අප භාණ්ඩාගාරික සෝරත හාමුදුරුවන් වහන්සේ නියෝජ්‍ය පරිවේණාධිපති අබේසේකරගම විජිත හිමි පරිවේණාචාර්ය ඩී. ජී. සුනිල් මහතා ඇතුළු සහය දුන් සැමට තුති පුදන අතර සැප්තැම්බර් මස 07 වැනි දින සිට 11 වැනි දින තෙක් පිරිවෙන් සිසු නිපුණතා ප්‍රදර්ශණ සහිත අධ්‍යාපන වැඩසටහන යටගල හෙට්ඨාවල මහා පිරිවෙන් විහාරස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදාගෙන ඇත.

මේ වර්ෂයේ සිට කෘත්‍යාධිකාරී ධූරයෙහි සේවා කාලය 25 වසරක් අඛණ්ඩව ඉටුකරන ලද හාමුදුරුවන් වහන්සේලාට හා පරිවේණාධිපති ධූරයෙන් 25 වසරක අඛණ්ඩ සේවය ඇගයීම පිණිස ගෞරව සම්මාන පිරිනැමීමට කටයුතු සංවිධානය කර ගෙන ඇත.

මෙවරත් ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් තෝරාගත් සම්භාවනීය ගිහි පැවිදි ප්‍රභූන් ගෞරව සමමාන පිරිනැමීමට කටයුතු සූදානම් කර ගෙන ඇත. මාගේ සම ලේකම් රංගිරි දඹුලු පාර්ශවයේ ලේඛකාධිකාරි දානියගම ආනන්ද හාමුදුරුවන් වහන්සේ හා අධ්‍යාපන අමාත්‍යංශ ඇමැතිතුමන්ලා ලේකම්තුමන්ලා පිරිවෙන් ඒකකයේ අධ්‍යාපන අධ්‍යක්‍ෂ වලස්වැවේ ඤාණරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ සමගින් එහි නිලධාරී මණ්ඩලය, ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේලා හා අනුබද්ධිත ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය ඇතුළු සිසු සිසුවියන්ටද අපගේ ඉල්ලීම අනුව ජාතික පිරිවෙන් දිනයට සමගාමීව දිනමිණ පුවත්පතේ “ආලෝකෝ උදපාදී” අතිරේකය ලබා දුන් අයන්ති විතාන මහත්මිය ඇතුළු ලේක් හවුස් පුවත්පත් කාර්ය මණ්ඩලයට ස්තූතිය පුද කරමි.

පධානඝර මහාවිහාරස්ථ කො/ ධර්මදූතාශ්‍රම පිරිවෙන් පරිවේණාධිපති

සමස්ත ලංකා කෘත්‍යාධිකාරි පරිවේණාධිපති සංගමයේ සම ලේකම්

පැල්මඩුල්ලේ ධම්මික හිමි

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා