සත්කාරක දකුණු අපි‍්‍රකාව තරගාවලියෙන් ඉවතට

සත්කාරක දකුණු අපි‍්‍රකාව තරගාවලියෙන් ඉවතට

නායක ග්‍රහැම් ස්මිත් නිර්භීත ශතකයක් වාර්තා කරනු ලැබුවද එංගලන්තය හමුවේ ලකුණු 22 ක පරාජයක් අත් විදිමින් තරගාවලියෙන් ඉවත් වීමට සත්කාරක දකුණු අපි‍්‍රකාවට සිදුවිය.

සිය එක්දින දිවියේ වැඩිම ලකුණු ප්‍රමාණය ලෙස ලකුණු 141 ක් රැස් කරමින් 8 වැනි එක්දින ශතකයට හිමිකම් කීවද එංගලන්තය ලබාදුන් ලකුණු 324 ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ඉනිම ලකුණු 301 ට සීමා විය.

තරගයෙන් පරාජය වුවද බී කාණ්ඩයේ දෙවැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකාව අභිබවා යාමට මේ තරගයේ දී දකුණු අපි‍්‍රකානුවන්ට ලකුණු 313 ක් ලබා ගත යුතුව තිබිණි.

තරග 2කදී අපි ප්‍රතිවාදීන්ට ලකුණු 300 සීමාව පසුකර යන්නට ඉඩ දුන්නා. එවැනි ලකුණු ප්‍රමාණයක් එළවා පහර දීම හරිම අසීරුයි. පරාජයෙන් අනතුරුව දකුණු අප්‍රිකානු නායකයා ප්‍රකාශ කළේ ය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා