දික්වැල්ල හා විජේකෝන් ශතක වාර්තා කරති

දික්වැල්ල හා විජේකෝන් ශතක වාර්තා කරති

පසුගිය සෙනසුරාදා (26 වනදා) අස්ගිරියේදී ජයපරාජයෙන් තොරව අවසන්වුණු මහනුවර ත්‍රිත්ව, මහනුවර විද්‍යාර්ථ විදුහල් අතර ක්‍රිකට් තරගයේදී ත්‍රිත්ව විදුහල වෙනුවෙන් එන්. දික්වැල්ල සහ විද්‍යාර්ථ විදුහල වෙනුවෙන් කේ. විජේකෝන් ශතක වාර්තා කිරීමට සමත්වූහ.

ත්‍රිත්ව පළමු ඉනිම කඩුලු 8 කට ලකුණු 360 එන්. දික්වැල්ල නොදැවී 158, කේ. ජයසූරිය 94, එස්. වික්‍රම 49 (ටී. රූපසිංහ 119ට 6 )

ත්‍රිත්ව දෙවන ඉනිම කඩුලු 7කට ලකුණු 78 යි. - එන්. දික්වැල්ල 37, කේ. විජේකෝන් 3ට 3යි, එස්. අබේරත්න 41ට 2.

විද්‍යාර්ථ පළමු ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 274යි. - කේ. විජේකෝන් 142, ටී. දිසානායක 52, එස්. අබේරත්න 47, (එස්. වික්‍රම 61ට 5.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා