ඉන්දීය තරගකරුවන් අභිබවා ඉෂාන්-පසිඳු ජය ලබති

සීගිරිය මෝටර් ක්‍රොස් රැලිය

ඉන්දීය තරගකරුවන් අභිබවා ඉෂාන්-පසිඳු ජය ලබති

ජයග්‍රහණයේ බලාපොරොත්තු සහගතව සීගිරිය යතුරුපැදි ධාවන තරගාවලියට සහභාගි වූ ප්‍රබල ඉන්දීය ධාවන සූරයන් අභිබවා යමින් තරගාවලියේ ප්‍රධානතම යතුරුපැදි ධාවන ඉසව් 2 ක ජයග්‍රහණය අත්කර ගනිමින් හොඳම යතුරුපැදි ධාවනයට හිමි සූරතාව හිමිකර ගැනීමට ඉෂාන් දසනායක සමත්වූවේය.

ශ්‍රී ලංකා යතුරුපැදි ධාවකයින්ගේ සහ මෝටර් රථ ධාවකයින්ගේ සංගමයේ මෙහෙයවීම සහ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රථමවරට සංවිධානය කරනු ලැබූ සීගිරිය යතුරුපැදි සහ මෝටර් රථ ධාවන තරගාවලිය නිමාවට පත්වූයේ සියලු ගෞරව ශ්‍රී ලංකාවේ ධාවකයන්ට අත්පත් කර දෙමිනි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ශිෂ්‍යයකු වන ඉෂාන් මේ ඓතිහාසික ධාවන තරගාවලියට සහභාගි වෙමින් ජයග්‍රහණ අත්කර ගත්තා පමණක් නොව සිය නම ලාංකීය යතුරුපැදි ධාවන ක්ෂේත්‍රයෙහි සනිටුහන් කරන්නටද සමත්වූවේය.

ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ඉදිවුණු ජාත්‍යන්තර මට්ටමේ තරග තීරු මත ඉන්දීය ප්‍රවීණ ධාවන සූරයන් සමඟ තරග වැදී ඉෂාන් ජය හිමිකර ගනිද්දී, මෝටර් රථ ධාවන ඉසව්වේදී ශ්‍රී ලංකාවේ ප්‍රවීණතම හා ප්‍රබලතම ධාවන සූරයන් පරාජයට පත් කළ අනිකුත් තරුණ ක්‍රීඩකයා වූයේ පසිඳු පීරිස්ය.

අරවින්ද පේ‍්‍රමදාස, රියාස් සහ රිස්වි ෆාරුක් වැනි ප්‍රබල ලාංකීය මෝටර් රථ ධාවන සූරයන් පරාජයට පත් කරමින් හොඳම මෝටර් රථ ධාවන සූරයාට හිමි කුසලාන දිනා ගැනීමට ඔහු සමත් වූයේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා