ජයතිස්ස රණවීර ‘රේසිං පාපැදි’ ලබන 1 දා

ජයතිස්ස රණවීර ‘රේසිං පාපැදි’ ලබන 1 දා

වාරිමාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක ජයතිස්ස රණවීර මහතාගේ 17 වසරක දේශපාලන ජීවිතයට හරසර දැක්වීමේ උපහාර උළෙලට සමගාමීව, සමස්ත ලංකා පාපැදි සම්මේලනයේ අධීක්ෂණය හා මෙහෙයවීම යටතේ පවත්වනු ලබන රේසිං පාපැදි සවාරිය ඔක්තෝබර් මස 01 දා ඇහැළියගොඩ නගරයෙන් ආරම්භ වීමට නියමිතය.

සමස්ත ලංකා පාපැදි සංගමයේ රේසිං පාපැදි සූරයන් 100 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිත මේ පාපැදි සවාරිය එදින උදෑසන 9.00 ට ඇහැළියගොඩ නගරයෙන් ගමන් ආරම්භ කර කිලෝ මීටර් 111.07 ක් දුර ගෙවා පදලංගල අලුත්පාර හංදියෙන් අවසන් වනු ඇත.

පළමු වැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය තෙක් ජය ලබන තරගකරුවන්ට මුදලින් ත්‍යාග පිරිනැමීමට ජයතිස්ස රණවීර පදනම කටයුතු සූදානම් කොට ඇත. තරගයේ ප්‍රතිඵල අනුව සාෆ් තරගාවලියේ රේසිං පාපැදි අංශය නියෝජනය කිරීමට තරගකරුවන්ට අවස්ථාව උදාවේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා