‘ෂහාබ්’ - I හා II මිසයිල සාර්ථක ගමනක

‘ෂහාබ්’ - I හා II මිසයිල සාර්ථක ගමනක

බහුවිධ යුදහිස් වලින් යුත් මධ්‍ය දුර ‘ෂහාබ්’ මිසයිල වර්ග දෙකක් ඉරානය පෙරේදා අත්හදා බැලූ බව රාජ්‍ය රූපවාහිනියෙන් ප්‍රකාශ වී ඇත.

ඒ අනුව කි. මී. 300 හා 700 බැගින් දුරදිවෙන ෂහාබ් 1 හා ෂහාබ් 2 මිසයිල සාර්ථක ලෙස අත්හදා බලා තිබේ.

ඒවා අපේක්ෂිත ඉලක්ක කරා නිශ්චිතව ම ළඟා වූ බව ගුවන් හමුදාපතිවරයා ප්‍රකාශ කැර ඇත.

සිය මධ්‍ය හාා දිගු දුර මිසයිල පද්ධතීන්වලට බහුවිධ යුදහිස් එක් කැරුණේ අලුතින් ම බව ද ඔහු කීවේ ය.

ඔවුන්ගේ යුද අභ්‍යාස දීර්ඝකාලීන යුද පුහුණුව ඉලක්ක කැරගත්තක් වන අතර, එහි දී මිසයිල පිහිටුවීමේ වෙනස්කම් ඇති කිරීම කේන්ද්‍රාභිසාරි හා කේන්ද්‍රාපසාරි ප්‍රහාර එකවිට හෝ තනි තනිව සිදු කිරීම ආදිය ගැන අවධානය යොමන බව ද ඔහු පැවසීය.

මේ අතර ඔවුන්ගේ මිසයිල යොදාගත් යුද අභ්‍යාසවල කොටසක් ලෙස ඊයේ දිගු දුර මිසයිලයක් අත්හදා බලන බව ද ප්‍රකාශ වී තිබිණ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා