න්‍යෂ්ටික වැඩසටහනට අත නොතබනු

න්‍යෂ්ටික වැඩසටහනට අත නොතබනු

ඉරාන පරමාණු බලශක්ති ඒජන්සිය

සිය න්‍යෂ්ටික ක්‍රියාවලිය කෙටි කලෙකට හෝ අත් නොහරින බව ප්‍රකාශ කරන ඉරානය අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සියේ කටයුතු වලට ඇඟිලි නොගසන ලෙස බටහිර රටවලින් ඉල්ලා තිබේ.

ඉරානයේ සාමකාමී න්‍යෂ්ටික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් බටහිර නායකයින් මෑතදී සාවද්‍ය ප්‍රකාශ නිකුත් කැර ඇති බව පෙන්වා දෙන ඉරාන පරමාණු බලශක්ති සංවිධානයේ ප්‍රධානී අල් අක්බාර් සාලේහි එ. ජා. න්‍යෂ්ටික කටයුතු විමර්ශන ආයතනයේ කාර්යන්ට හා වගකීම් වලට මැදිහත් නොවන්නැයි බටහිර රටවලින් ඉල්ලා ඇත.

අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සියේ නීති රීති වලට අනුගතව කටයුතු කරමින් සිය න්‍යෂ්ටික අවි තොග ඉවත් කිරීමෙන් න්‍යෂ්ටික බිය තුරන් කිරීමේ සැබෑ පියවර තැබීමට බටහිර රටවලට හැකි බවද ඔහු කීවේය.

ඉරාකය සිය න්‍යෂ්ටික වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ අන්තර්ජාතික පරමාණු බලශක්ති ඒජන්සියේ නීති රාමුව තුළ සිට බව පෙන්වා දෙන ඔහු ඉරානයට එරෙහි මතභේදාත්මක හා වග විභාගයක් නැති අදහස් දැක්වීමෙන් වලකින ලෙස බටහිර රටවලින් ඉල්ලා සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා