‘කෙට්සානා’ පිලිපීනය හැරයද්දී තවත් චණ්ඩ මාරුත 2ක් එයි

‘කෙට්සානා’ පිලිපීනය හැරයද්දී තවත් චණ්ඩ මාරුත 2ක් එයි

පිලිපීනයේ මැනිලා අගනගරය හා ලුසෝන් දිවයිනට බලපෑ ‘කෙට්සානා’ චණ්ඩමාරුතයෙන් 86 දෙනකු මිය ගොස් 4,30,000 කට වැඩි පිරිසක් අවතැන්ව සිටියදී තවත් අලුත් චණ්ඩ මාරුතයන් දෙකක් එම ප්‍රදේ්ශ කරා ගමන් කරමින් තිබෙන බව එරට කාලගුණ පුරෝකථකයින් ප්‍රකාශ කර තිබේ.

පැසිපික් සාගරයේ නිවර්තනීය අවපාතයන් හා අඩු පීඩන ප්‍රදේශ වර්ධනය වීමත් සමඟ පිලිපීනය දෙසට මේ චණ්ඩ මාරුතයන් ගමන් කරනු ඇතැයි සැලකී තිබේ.

කාලගුණ නිරීක්ෂකයින් ඒ පිළිබඳව දැඩි අවධානය යොමා ඇති අතර තව දෙදිනක් යන තුරු ඒවා ළඟා විය නොහැකි අතර සමහර විට පිපිලීනය මඟ හැර යා හැකි බවද පැවසී තිබේ. මේ අතර ‘කෙට්සානා’ චණ්ඩමාරුතයෙන් විපතට පත් මැනිලා නගර ප්‍රදේශ වල තවමත් මඩ වතුර බැසගොස් නැති බව වාර්තා වේ.

පිලිපීන චණ්ඩමාරුතයෙන් හටගත් මඩ ජලගොහොරුවට ගොදුරු වූ පෙදෙස්වල ජලය තවම බැස ගොස් නැත. මේ එම මඩ ජලය ඉවත් කරන මැනිලාවේ පිරිසකි. ඒ.එෆ්.පී.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා