අගරදගුරු නිවෙසේ සිට කිතු සමිඳුන්ගේ ප්‍රතිමා මඩු දේවස්ථානය වෙත
 

කොළඹ අගරදගුරු නිල නිවෙසේ සිට කිතු සමිඳුන්ගේ ප්‍රතිමා මරදමඩු දේවස්ථානය වෙත ගෙනයාම නිමිත්තෙන් ඊයේ (28) කොළඹ දී උත්සවයක් පැවැත්විණි. එහි දී මඩු දේවස්ථානය සංවර්ධනය කිරීම හා අවශ්‍ය මාර්ග පහසුකම් සකසාදීම සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින් අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක, උතුරු වසන්තය ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ මහතාට තිළිණයක් පිරිනමන ලද අයුරු. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ද මෙහි වෙයි. ඡායාරූපය - සමන්ත වීරසිරි






පී. බී. ජයසුන්දර යළිත්
මහා භාණ්ඩාගාර ලේකම්

නව කැබිනට් මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ

මහා භාණ්ඩාගාරයේ නව ලේකම්වරයා ලෙස පත් කැරණු ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා අද (29) මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේදී වැඩ භාර ගනී. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි ආචාර්ය ජයසුන්දර මහතා ඊයේ මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරයට පත් කරනු ලැබීය. මීට පෙර දෙවතාවක් මහා භාණ්ඩාගාරයේ ලේකම් ධුරය දැරූ ඔහු ආර්ථික ක්ෂේත්‍රයේ සෑම අංශයක් පිළිබඳවම හසල දැනුමක් ඇති නිලධාරියෙකි.

විස්තර »

ආත්මාර්ථකාමීත්වයෙන් බැහැරව රට පෙරට ගෙන යන්න සහාය වෙමු

- අග රදගුරු මැල්කම් රන්ජිත් හිමිපාණෝ

නොමග ගිය පිරිසකගේ ආකල්ප නිසා දශක ගණනාවක් දෙකඩ වී තිබූ අපේ රට, ජනාධිපතිතුමාගේ හා වීරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම් මත නැවත එක්සේසත් කිරීමට හැකි වූ බව අගරදගුරු මැල්කම් රංජිත් හිමිපාණෝ පැවසූහ. ත්‍රස්තවාදයෙන් නිදහස් කරගත් මේ රට ඉදිරියට ගෙනයාමට ආත්මාර්ථය නොව පරාර්ථය පෙරටුකරගෙන ක්‍රියාකිරීමට සියලු දෙනා ම ඉටා ගත යුතු බව ද මැල්කම් රංජිත් හිමිපාණෝ ප්‍රකාශ කළහ.

විස්තර »

පොලිසියට එක් වන්න යාපනෙන්
හය දාහක්

යාපනය දිස්ත්‍රික්කයේ වෙසෙන තරුණ තරුණියන් 6000ක් පමණ දෙනා ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වීම සඳහා වූ සම්මුඛ පරීක්‍ෂණවලට ඉදිරිපත් වීමට ඊයේ (28) පැමිණ තිබේ. උතුරේ තරුණ තරුණියන්ට පොලිස් සේවයේ දොර විවර කරමින් රජය කළ ඉල්ලීමට එම ප්‍රදේශවල වැසියන් දැක්වූ ඉහළම ප්‍රතිචාරයක් ලෙස මෙය හැඳින්විය හැකිය.  ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් පරිදි ‘මහින්ද චින්තන’ වැඩපිළිවෙළ යටතේ . . . .

විස්තර »

‘මං ඇම්බැට්ටයකු නම්
විපක්ෂ නායකයා කේවට්ටයෙක්’

ඇමැති රංජිත් සියඹලාපිටිය කියයි

‘මා ඇම්බැට්ටයෙක් නම්, විපක්ෂ නායකවරයා ‘කේවට්ටයෙක්’ යැයි රාජ්‍ය ආදායම් ඇමැති හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කෙළේය. රට ජාතිය එක්සේසත් කොට ජනතාවට ජයග්‍රහණ හිමිකරදෙන නායකයෙක් තමයි ජනාධිපතිවරයා. එතුමාගේ උදාර වැඩපිළිවෙළට . . . . .

විස්තර »

බංග්ලාදේශ අගමැතිනිය හමුවු අගමැති
 

අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා නිව්යෝර්ක් නුවරදී බංග්ලාදේශ අගමැතිනි ෂික් හෂීනා මහත්මිය සමඟ සාකච්ඡා කළ අයුරු. විදේශ ඇමැති රෝහිත බෝගොල්ලාගම, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්වරුද මේ අවස්ථාවට සහභාගි වූහ.



වෙළඳ දැන්වීම් . . . .