ජනාධිපති විජයග්‍රාහී ජන රැලියට
සහභාගි වෙමින්
........



කුණු පළාත් සභා මැතිවරණයේදි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජය තහවුරු කිරීම සඳහා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ පැවැති විජයග්‍රාහී ජන රැලියට සහභාගි වීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට ආචාර කරමින් පැමිණි අයුරුයි මේ. ප්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා ද මෙහි සිටී. ඡායාරූපය - සුදත් සිල්වා






2010 වසරට අතුරු සම්මත ගිණුමක්

2010 වසරේ දී වත්මන් පාර්ලිමේන්තුවේ ධූර කාලය අවසන් වන බැවින් එම වසරට අය-වැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කළ බව ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති හා කැබිනට් ප්‍රකාශක අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඊයේ (6) රාත්‍රී ‘දිනමිණ’ට කීය. අය-වැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පතක් මඟින් ලබන වසරේ මුදල් ප්‍රතිපාදන වෙන් නොකර අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට ඊයේ (6) ඇඹිලිපිටියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

විස්තර »

කොටස් වෙළෙඳ පොළ
මිල බිලියන 1000ට නගී

යුද්ධය නිමවීමෙන් ඉතිහාසයේ
ප්‍රථම වතාවට වාර්තාගත අගයක්

රටේ පවතින සාමකාමී වතාවරණය සමඟ පොලී අනුපාතය අඩුවීම, උද්ධමනය ශීඝ්‍රයෙන් පහත බැසීම යන සාධක කොළඹ කොටස් වෙළෙඳ පොළේ මුළු වටිනාකමේ ඉහළ අගයක් වාර්තා කිරීමට හේතුව බව සඳහන් කරයි. කොළඹ කොටස් වෙළෙඳපොල ඉතිහාසයේ ප්‍රථම වරට කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රුපියල් මිලියන 1000 ක (ට්‍රිලියන 1 ක) වර්ධනයක් පෙන්නුම් කැර තිබේ.

විස්තර »

STF සෝදිසියෙන් අවි තොගයක්
සොයා ගනී

ත්‍රස්තවාදීන් විසින් වවුනියාව වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සඟවා තිබුණු ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගැනෙන අවි ඇතුළු විවිධ වර්ගයේ අවි එම කොටස් විශාල ප්‍රමාණයක් හා ජීව උණ්ඩ 4940 ක් සමග තවත් යුද උපකරණ රැසක් විශේෂ කාර්ය බළකාය විසින් සොයා ගනු ලැබ තිබේ.

විස්තර »

ඉන්දු-ශ්‍රී ලංකා මිත්‍රත්ව වර්ධනයට
නාවික පුහුණු අභ්‍යාසයක්

ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ නාවික පුහුණු අභ්‍යාසයක් ඊයේ (06) දවස පුරා කොළඹ වරායට නාවික සැතපුම් 35ක් ඈත මුහුදේදී ඉතාමත් අභිමානවත් අයුරින් සිදුකෙරිණි. ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර පැවැති වසර දහස් ගණනක මිත්‍රත්වය, සුහදත්වය වර්ධනය කිරීම සඳහා වත්මන් රජයේ විදේශ සබඳතා ඔප්නංවමින් . . . . . . .

විස්තර »

ඉබ්බන් 50ක් මැරූ ළමයි හතරක්
වනජීවී දැලේ

අම්පාර වලකපිටිය ප්‍රදේශයේ ජලය සිඳුණු වැවක ඉබ්බන් අල්ලමින් සිටි සිවුදෙනකු ඉබ්බන් 53 දෙනෙකු සමඟ අම්පාර වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවේ ඉබ්බන් 50 දෙනකු මරා දමා තිබී ඇත.

විස්තර »

වඳින්නට අවසරයි - ඔබතුමා
කිරි වෙහෙරයි

 

මාතර පාලටුව ගුණරතන මහ විදුහලේ පස් වැනි වසරේ තරින්දි ප්‍රතිභා අබේවික්‍රම දැරියට ඉවසුම් නැත. ඒ ජනාධිපතිතුමා හමුවීමටය. පුංචි තරින්දිට අවශ්‍ය වූයේ බොහොම ආසාවෙන් ලියාගත් කවි දෙකක් ජනාධිපතිතුමාට දී දෙපා වඳින්නටය. ඊයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හදිසියේම ආවේය. තරින්දිගේ කවි දෙකේ මෙසේ ලියැවී තිබිණි. ඇයගේ සිහිනය සැබෑ විය.

ඡායාරූපය - සුදත් සිල්වා



වෙළඳ දැන්වීම් . . . .