2010 වසරට අතුරු සම්මත ගිණුමක්

2010 වසරට අතුරු සම්මත ගිණුමක්

2010 වසරේ දී වත්මන් පාර්ලිමේන්තුවේ ධූර කාලය අවසන් වන බැවින් එම වසරට අය-වැය ලේඛනයක් ඉදිරිපත් නොකිරීමට රජය තීරණය කළ බව ජනමාධ්‍ය හා තොරතුරු ඇමැති හා කැබිනට් ප්‍රකාශක අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා ඊයේ (6) රාත්‍රී ‘දිනමිණ’ට කීය.

අය-වැය හෙවත් විසර්ජන පනත් කෙටුම්පතක් මඟින් ලබන වසරේ මුදල් ප්‍රතිපාදන වෙන් නොකර අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට ඊයේ (6) ඇඹිලිපිටියේ රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ලබන වසරේ දී ජනාධිපතිවරණයක්ද පැවැත්වීමට නියමිත බැවින් මහා මැතිවරණයෙන් පසු පත්වන නව රජයට ඊට අයත් කාර්යන් සඳහා සුදුසු පරිදි අය-වැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී මෙවර අය-වැය ඉදිරිපත් කිරීම වෙනුවට අතුරු සම්මත ගිණුමක් සම්මත කර ගැනීමට කටයුතු කරන බව ඇමැති අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා කීය.

අතුරු සම්මත ගිණුම අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන දින හා එය විවාදයට ගන්නා දින පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී තීරණය කරනු ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා