අමෙරිකානු ටෙනිස් සූරයා පළමු වටයේදීම පරදී

අමෙරිකානු ටෙනිස් සූරයා පළමු වටයේදීම පරදී

අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ සුරතාව හිමි කර ගත් ආජෙන්ටිනාවේ ජුවාන් මාටින් ඩෙල් පොත්‍රෝ ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල පවා නොසිටි ප්‍රංශයේ රොජර් වැසලීන් හමුවේ පරාජයට පත් වෙමින් ජපන් විවෘත ටෙනිස් තරගාවලියේ පළමු වටයේදීම ඉවතට වීසි වූවේය.

අමෙරිකානු විවෘත ටෙනිස් සූරතාව දිනා ගැනීමෙන් පසුව පළමු වරට තරගයකට සහභාගි වූ 21 හැවිරිදි ඩෙල් පොත්‍රෝ 4 - 6, සහ 4 – 6 ක් ලෙස තරගයේ 88 වැනි මිනිත්තුවේදී පරාජයට පත් වූවේය.

පසුගිය වසරේ ජපන් විවෘත ටෙනිස් තරගාවලියේ අවසාන තරගය දක්වා පැමිණි ඩෙල් පොත්‍රෝ ජගත් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල පස් වැනි ස්ථානයේ පසු වෙයි.

‘මට මගේ හොඳම දක්‍ෂතා පෙන්වන්න බැරි වුණා’ පරාජයෙන් අනතුරුව ඔහු කියා සිටියේය. 25 හැවිරිදි රොජර් වැසලීන් ශ්‍රේණිගත කිරීම් වල ඉහළ පෙළේ ක්‍රීඩකයකු පරාජයට පත් කළ පළමු අවස්ථාව මෙය වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා