උතුරු කොරියානු පාපන්දු පිල යුරෝපයේ සංචාරයක

උතුරු කොරියානු පාපන්දු පිල යුරෝපයේ සංචාරයක

1966 වසරේ එංගලන්තයේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සහභාගිවීමෙන් පසු ප්‍රථම වතාවට උතුරු කොරියානු පාපන්දු කණ්ඩායම යුරෝපයේ සංචාරයකට එක්වෙති.ක්‍රීඩකයන් 19 දෙනෙකු ඇතුලත් 28 දෙනෙකුගෙන් යුතු උතුරු කොරියානු කණ්ඩායම දින 10 ක පුහුණු කඳවුරකට බටහිර ප්‍රංශයේදී සහභාගිවීමට නියමිතය.

ලබන වසරේ දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු කුසලාන තරග මාලාව සඳහා සුදුසුකම් ලැබූ උතුරු කොරියාව 1966 පාපන්දු ලෝක සූරතාවය අර්ධ අවසන් පූර්ව තරගයකදී ප්‍රබල ඉතාලිය පරාජයට පත්කිරීමට සමත්විය.

පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමට උතුරු කොරියානු කණ්ඩායම සමත්වූයේ නැත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා