න්‍යෂ්ටික අවි නිපදවීමට එරෙහිව අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවලින් ඉරානයට දැඩි සම්බාධක

න්‍යෂ්ටික අවි නිපදවීමට එරෙහිව
අමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර රටවලින් ඉරානයට දැඩි සම්බාධක

ඉරානය න්‍යෂ්ටික අවි නිපදවීමේ නියැලී සිටින බවට මතු වී ඇති සැක සංකා දුරු කිරීමට අපොහොසත්වුවහොත්, ඇමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාක්ෂික රටවලින් ඉරානයට එරෙහි ව දැඩි සම්බාධක පැනවීමේ අවදානමක් පවතින බව ඇමෙරිකන් බලධාරීහු පවසති.

මින් ඉහත දී තම රටට එරෙහිව පැනවූ සම්බාධක අසාර්ථක වූ බව පවසමින් ඉරානය මෙම තර්ජනය නොතකා හැර තිබේ. ඛනිජ සම්පත්වලින් පොහොසත් ඉරානය සමඟ ගනුදෙනු කිරීම වාසිසහගත බව විදේශ සමාගම් සලකන නිසා, සම්බාධක සාර්ථක නොවන බව ඉරානය කියයි.

මේ අතර ඉරානයට එරෙහි ව වඩාත් ශක්තිමත් සම්බාධක පැනවීමට සංකීර්ණ සැලැස්මක් ජාත්‍යන්තර සහාය ඇතිව සකස් කරන බව ත්‍රස්තවාදය සහ බුද්ධිමය තොරතුරු පිළිබඳ අමෙරිකන් උප – භාණ්ඩාගාර ලේකම් ස්ටුවට් ලෙවී පවසයි.

ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළ පිළිබඳව කරුණු වසන් නොකරන ලෙස අමෙරිකන් ජනාධිපති බැරැක් ඔබාමා අනතුරු අඟවා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා