කළුතර සමෘද්ධි ව්‍යාපෘතිවල ඉහළ ප්‍රගතියක්

කළුතර සමෘද්ධි ව්‍යාපෘතිවල ඉහළ ප්‍රගතියක්

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මඟින් කළුතර දිස්ත්‍රික්කයේ 2006 වසරේ සිට 2009 ඔක්තෝම්බර් 31 වැනිදා දක්වා ක්‍රියාවට නංවන ලද සමෘද්ධි වැඩසටහන්වල ප්‍රගතිය මෙසේය.

සවිබල ගන්වන ලද පවුල් 80770 ක් වූ අතර මත් භාවිතයෙන් පුද්ගලයන් 2280 ක් මුදා ගෙන තිබේ. දුම්වැටි භාවිතයෙන් පුද්ගලයන් 1990 ක් හා දුම්වැටි අලෙවියෙන් 862 ක් නිදහස් කර ගැනීමට හැකිව තිබේ.

එමෙන්ම මේ කාලයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අළෙවි සල් 145ක් නතර කැර තිබේ. ළමයින් නැවත පාසල් ගතකිරීම් 292 ක් සිදු කළ අතර පාසල් ළමයින් සඳහා සිසු දිරිය ශිෂ්‍යත්ව 2232 ක් ලබා දී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා