කටානේ ගොඩනැගිලි ඉදිකිරීම අතරමඟ

කටානේ ගොඩනැගිලි ඉදිකිරීම අතරමඟ

කටාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශයට අයත් කිඹුලාපිටිය ප්‍රදේශයේ ඇතැම් රජයේ ගොඩනැගිලිවල ඉදිකිරීම් අවසන් කර නොමැතිබව වාර්තා වේ.

සමහර ගොඩනැගිලිවල වහල සාදා අවසන් කර නොමැති අතර, සිමෙන්ති දැමීමද අතපසු කර ඇත. කිඹුලාපිටිය බොදු මහ විදුහලේ තට්ටු 3 කින් යුත් ගොඩනැගිල්ලේද අඩුපාඩු රැසක් දක්නට ඇත.

මේ නිසා විදුහලේ ශිෂ්‍ය, ශිෂ්‍යාවනට එළිමහනේ අධ්‍යාපනය ලැබීමට සිදුවී ඇතැයි කටාන ප්‍රාදේශීය සභා මන්ත්‍රී පියල් නන්දන වීරසිංහ (එ.ජ.නි.ස) මහතා පැවසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා