වැලිහේන පාතිමා හරස් පාරට තවම විදුලිය නෑ

වැලිහේන පාතිමා හරස් පාරට තවම විදුලිය නෑ

කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටි වැලිහේන පාතිමා හරස් මාවතට තෙකලා විදුලිය ලබා දීම සඳහා විදුලිය රැහැන් යොදා කලක් ගතවී ඇතත් විදුලි බලය ලබා දී නොමැති බව වාර්තා වේ.

මේ නිසා පාතිමා හරස් පාර නිවැසියෝ දැඩි අපහසුතාවකට පත්වීී සිටිති. මේ පිළිබඳව අදාළ අංශ කඩිනමින් කටයුතු කරනු ඇතැයි ඔව්හු බලාපොරොත්තු වෙති.

ම් අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාපය ආසන්නයේ දඬුගම් ඔය හරහා ඉදි කැර ඇති මුතුවාඩිය පාලමේ විදුලි බුබුලු දිගු කලක සිට දැවී ගොස් තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා