කළුතර ගැමි විදුලි යෝජනා වැඩපිළිවෙළ සාර්ථකයි

කළුතර ගැමි විදුලි යෝජනා වැඩපිළිවෙළ සාර්ථකයි

2005 – 2008 කාලයේ කළුතර දිස්ත්‍රික්කයේ ගැමි විදුලි යෝජනා වැඩපිළිවෙළ සාර්ථක ප්‍රගතියක් අත් කර ගෙන තිබේ.

කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රවෘත්ති නිලධාරීතුමා සඳහන් කරන පරිදි ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාවට නංවන ලද එම ගැමි විදුලි යෝජනා වැඩසටහන් මෙසේය.

2005 යෝජනා 160 ක් එදින රුපියල් මිලියන 38.6 ක් වැය කළ අතර කි. මීටර් 56.7 දුරක් සහ විදුලි උපපොළ 1 ක්ද සහිතව නිම කර තිබේ. මින් පාරිභෝගිකයින් 1418 කට විදුලිය ලබාදීමට හැකි විය.

2006 වසරේදී යෝජනා ක්‍රම 212 ක් රුපියල් මිලියන 46.9 ක් වැය කරමින් නිම කළ අතර ඉන් කිලෝමීටර් 65 ක දුරක් විදුලි උප පොළ 4 ක්ද සහිතව පාරිභෝගිකයින් 1620 කට සෙත සැලසීමට හැකි විය. 2007 වසරේදී යෝජනා ක්‍රම 181 ක් රුපියල් මිලියන 62.8 කින් නිම කැරිණි. කිලෝමීටර් 78 ක දුරක් විදුලි උප පොළ 1 ක්ද සහිතව ඉදි වීමෙන් පාරිභෝගිරයින් 1950 කට විදුලිය ලබා දීමට හැකි විය.

එමෙන්ම 2008 වසරේදී විදුලි යෝජනා ක්‍රම 207 න් රුපියල් මිලියන 50.8 කින් නිම කළ අතර ඉන් පාරිභෝගිකයින් 1525 කට සෙත සැලසිනි. කිලෝමීටර් 61 ක් විදුලි උප පොළ 2 ක්ද සහිතව එම වසරේදී ඉදි විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා