මහරගම පවුල් නවයකට සමෘද්ධි නිවාස ආධාර

මහරගම පවුල් නවයකට සමෘද්ධි නිවාස ආධාර

සමෘද්ධි සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක අඩු ආදායම්ලාභී නිවාස නැති පවුල්වලට නිවාසාධාර ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ 2009 වසරේ මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පවුල් නවයකට නිවාසාධාර ලබාදී ඇත.

ශිරාණි පෙරේරා මහත්මියගේ
පවුල සඳහා ඉදි වූ නව නිවෙස

සමෘද්ධි සහන ලබන දරුවන් සිටින හා සැමියන් නැති පවුල්වලට මෙම නිවාස ආධාර ලබාදී ඇත.

එක් පවුලකට ලබාදෙන මුදල රු. 60000 කි. මෙය අය නොකෙරෙන දීමනාවකි. ඒ ඒ ප්‍රදේශවල සිටින සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ගේ නිර්දේශ මත මෙම නිවාසාධාර ලබාදුන් අතර එය ඔහුගේ අධීක්ෂණය යටතේ සිදුකෙරේ.

නිවාස ආධාර ලබාදුන් සමෘද්ධිලාභීන් මෙසේය.

පුෂ්පා ශ්‍රියානි නාවින්න, ඉනෝකා ශි‍්‍රයානි වත්තේගෙදර, සුදර්මා දමයන්ති රුක්මලේ, අයිරාංගනී පුෂ්පලතා විජයපුර, ශිරාණි පෙරේරා මාලපල්ල, පී. ඒ. නාලනී, කේ. ජී. කමලාවතී ලියනගොඩ, ජී. ආර්. ලීලාවතී කොට්ටාව උතුර, ඉනෝකා දීපානි වත්තේගෙදර

රුක්මලේ සුදර්මා දමයන්ති
දරුවන් සමඟ පෙර විසූ පැල්පතේදී

එක් නිවෙසක් සඳහා සමෘද්ධි අධිකාරිය ප්‍රදානය කර ඇති ආධාර මුදල රු. 60000 වුවත් අසල්වැසියන් තම ශ්‍රමය, දානපතියන්ගේ සහ සුභ පතන්නන්ගේ ආධාර ඇතිව නිම වී ඇති එක් නිවසක වෙළඳ පොළේ වටිනාකම රුපියල් තුන් ලක්ෂයක් පමණ වන බව කාර්මික නිලධාරීන්ගේ් මතය යැයි සහකාර ප්‍රාදේශීය ලේකම් පි‍්‍රයංගනී කුමාරගේ මෙනවිය පැවසුවාය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා