ජනපති මැදුරට එල්ල කළ ප්‍රහාරයකින් 14ක් මිය යති

සෝමාලි ජනපති තුර්කි සමුළුවක:

ජනපති මැදුරට එල්ල කළ ප්‍රහාරයකින් 14ක් මිය යති

සෝමාලියානු අර්බුදයට විසඳුම් පතා එරට ජනාධිපති ෂරීෆ් ෂීක් අහමද් තුර්කි සමුළුවකට සහභාගි වෙමින් සිටිය දී සෝමාලි ඉස්ලාමීය කැරලිකරුවන් මොගඩිෂු අගනගරයේ දී ජනාධිපති මන්දිරයට එල්ල කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 14 දෙනකු ඝාතනය වී තවත් සෑහෙන පිරිසක් තුවාල ලබා ඇති අතර ඇති වූ ගැටුම්කාරිත්වය හමුවේ සියගණනකට උන්හිටි තැන් අහිමිව තිබේ.

අල්කයිඩා සබඳතා ඇති ෂිබාබ් කල්ලිය මෝටාර් වෙඩි යොදා ගනිමින් සිදුකළ ප්‍රහාරයේ දී ඔවුන්ගේ ඉදිරිගමන වළකාලීමට අප්‍රිකා සංගම් බළකායට හැකිව ඇත.

මෙම සටන්වල දී එකම පවුලේ පස්දෙනකු ඝාතනය වී තිබේ.

ෂිබාබ් සංවිධානය සෝමාලියාවේ දකුණු හා මධ්‍යම කොටස්වල විශාල ප්‍රදේශයක ආධිපත්‍ය පතුරුවා ඇත. එහෙත් ජනාධිපති බලයෙන් පහකිරීමට ඔවුනට මෙතෙක් නොහැකිව තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා