තායිලන්තයේ බැංකොක් අගනගරය යළි යථාතත්ත්වයට

තායිලන්තයේ බැංකොක් අගනගරය යළි යථාතත්ත්වයට

පුද්ගලයන් 88 දෙනකුට ජීවිත අහිමි කරමින් හා 1900 කට පමණ තුවාල සිදු කරමින් හමුදා මර්දනය හමුවේ නායකයන් යටත්වීමෙන් ඉකුත් සතියේ අවසන් වූ තායිලන්ත රතු කමිසධාරී අරගලයෙන් පසු හා සති අන්තයේ සිදු කළ අගනගර පවිත්‍රතා ක්‍රියාවලියකින් පසු ඊයේ සිට තායිලන්තයේ බැංකොක් අගනගරය යළි යථාතත්ත්වයට පත්ව තිබේ.

හමුදා මර්දනය හමුවේ අරගලකාරින් විසින් ගිනි තැබීමෙන් ප්‍රධාන ගොඩනැගිලි 36 ක් ගිනිබත්ව තිබේ. දැන් පාසල් විවෘත වී කඩසාප්පු හා කාර්යාල ඇරඹී වැසුණු තානාපති කාර්යාලද ක්‍රියාත්මකව ඇත. මෙහි දැක්වෙන්නේ අරගලකාරින් සති හයක් තිස්සේ කඳවුරු බැඳි බැංකොක් නගර ප්‍රදේශයේ කුඩා පන්සලක ඊයේ බුදුන් වඳිමින් සිටි කණ්ඩායමකි. ඒ. එෆ්. පී

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා