බැංගලෝර් ගුවන් යානයේ කලු පෙට්ටිය තවම හමුවී නෑ

බැංගලෝර් ගුවන් යානයේ කලු පෙට්ටිය තවම හමුවී නෑ

හඬපට යන්ත්‍රය සොයා ගනී

දාහතර වසරකදී ඉන්දියාවේ ඇති වූ දරුණුම ගුවන් අනතුර ලෙස සැලකෙන මැංගලෝර් ගුවන් අනතුරේ සුන්බුන් විමර්ශනය කරන පරීක්ෂකයන්ට පෙරේදා නියමු කුටියේ හඬ පටිගත යන්ත්‍රය හමු වී ඇති නමුත් අනතුරේ තොරතුරු හෙළිකැරගත හැකිවෙතැයි සැලකෙන කළුපෙට්ටිය මෙතෙක් හමු වී නැත.

අනතුරින් මියගිය 158 දෙනාගේ ම මළසිරුරු හමු ව ඇති නමුත් ඉන් 12 දෙනකුගේ සිරුරු තවමත් හඳුනාගෙන නැත. සුන්බුන් පරීක්ෂා කරන පරීක්ෂකයින් 25 දෙනා ලෝහ කපන මැෂින් යොදාගෙන කටයුතු කරන අතර මඩ සහිත ප්‍රපාතයේ විශාල පෙදෙසක පැතිරි සුන්බුන් එකතුකිරීම සඳහා කුලී කම්කරුවන් යොදා තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා