ඉතියෝපියා මහ මැතිවරණය වංචා සහගතයි

ඉතියෝපියා මහ මැතිවරණය වංචා සහගතයි

විපක්ෂය චෝදනා කරයි

ඉතියෝපියානු මහමැතිවරණය පෙරේදා පැවති අතර එය වංචා සහගත වූවක් බවට විපක්ෂය චෝදනා කැර ඇත.

පාර්ලිමේන්තුවේ ආසන 547 ක් හා ඉහළ මන්ත්‍රී මණ්ඩලය තෝරන්නාවූ ප්‍රාදේශීය සභිකයන් තෝරාගැන්ම සඳහා මෙම මැතිවරණය පැවැත්විණ.

මැතිවරණයේදී මූලික ප්‍රචණ්ඩකාරිත්වයක් නොපැවති බවට වාර්තා පලව ඇතත් සිරගතව සිටින විපක්ෂ නායකගේ පක්ෂය අගමැති මෙලෙස් සෙනාවි හා ඔහුගේ සභාග රජය ඡන්ද වංචා කළ බවට චෝදනා නගා ඇත.

යුරෝ සංගම් නිරීක්ෂකයින්ද පවසා ඇත්තේ මැතිවරණය සාමකාමී බවය. මැතිවරණ කොමිසමද ඡන්ද වංචා සිදු වූ බවට සාධක නැතැයි කියා තිබේ.

එහෙත් විපක්ෂ සන්ධානයේ දෙවැනි නායක මෙරේරා ගුඩිනා පවසන්නේ අපි‍්‍රකානු සම්මතයන්ට අනුව පැවතියේ මහ මැතිවරණයක්ද යන්න පවා කිව නොහැකි බවය. ඒ නිසා ප්‍රතිඵල පිළිනොගන්නා බවද ඔහු කීවේ ය.

මෙම මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම පෙරේදාම අවසන් කෙරෙනු ඇති බවත් අද වනවිට තාවකාලික ප්‍රතිඵල නිකුත් කෙරෙනු ඇති මුත් අවසන් ප්‍රතිඵලය නිල වශයෙන් ප්‍රකාශ කිරීමට මසක් පමණ ගතවනු ඇති බවත් පැවසී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා