ද්‍රවිඩ පාර්ලිමේන්තු නියෝජිතයන් හා ජනපති අතර සාකච්ඡා

උතුරේ සංවර්ධනය කඩිනම් කිරීමට

ද්‍රවිඩ පාර්ලිමේන්තු නියෝජිතයන් හා ජනපති අතර සාකච්ඡා

උතුරේ දැනට සිදුකෙරෙන සංවර්ධන කටයුතු කඩිනම් කෙරේ. අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය හා උතුරේ ජනතාවගේ දෛනික ගැටලු විසඳීම සඳහා ජංගම කච්චේරි ක්‍රමයක් ද ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වේ.

ඒ අනුව විවාහ උප්පැන්න සහ මරණ සහතික ලබාදීම ඇතුළු ජනතා අවශ්‍යතා කඩිනම් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දෙමළ ජාතික නියෝජිත පිරිසක් සමග ඊයේ (07) අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය කෙළේය.

සම්ප්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යවසාය සංවර්ධන ඇමැති ඩග්ලස් දේවානන්ද මහතා විසින් උතුරේ සිදුකරන සංවර්ධන ක්‍රියාදාමයන් කඩිනම් කරන ලෙස මේ සාකච්ඡාවකදී පිළිතුරු වශයෙන් ජනාධිපතිවරයා සඳහන් කෙළේය.

ප්‍රජාතන්ත්‍රවාදය රජ කරන සාමකාමී රටක් නිර්මාණය කිරීමටත්, නැවත උතුරේ ජනතාව විනාශකාරී ක්‍රියාවලට යොමු නොවීමටත් දෙමළ ජනතා නියෝජිතයින්ගේ සහය අවශ්‍ය බව  මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

2010 දෙසැම්බර් වන විට උතුරේ ජනතාවගේ ගැටලුවලට බොහෝ විසඳුම් ලබාදිය හැකි වන බවද මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කෙළේය.

මෙහිදී අදහස් දැක් වූ ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා නැවත පදිංචි කරන ස්ථානවල, කෘෂිකර්මාන්ත ධීවර ක්ෂේත්‍ර ආගමික ස්ථාන සංවර්ධනය කරන බව පැවසීය.

පාපැදි 75000 ක් ලබාදීම, පළාත් සභාව සඳහා ට්‍රැක්ටර් 100 ක් ලබාදීම දැනටමත් ඉටුකර ඇති බව පෙන්වා දුන් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා රෝද දෙකේ ට්‍රැක්ටර් ඉදිරියේදී උතුරේ ජනතාවට ලබාදීමට නියමිත බවද කීය. මෙම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන, විදේශ කටයුතු ඇමැති ජී. එල්. පීරිස්, වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා, තරුණ කටයුතු ඇමති ඩලස් අලහප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය රජිව් විජේසිංහ, සජින් වාස් ගුණවර්ධන සහ වැඩබලන ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරුන් සහභාගි වූ අතර මෙයට අම තරව මෙදිනම පැවැති සාකච්ඡාකදි දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්දන් මහතා රජය ගෙන යන උතුරේ සංවර්ධනය පූර්ණ සහය ලබාදෙන බව ප්‍රකාශ කෙළේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා