ආසියානු කුසලාන තරග මාලාවට සචින් නෑ

ආසියානු කුසලාන තරග මාලාවට සචින් නෑ

ඉන්දීය පිලේ සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර්ගේ ඉල්ලීම මත ආසියානු කුසලාන තරගමාලාව සඳහා තෝරා ගැණුනු කණ්ඩායමට ඔහු නම් නොකිරීමට ඉන්දීය ක්‍රිකට් ප්‍රධානීහු තීරණය කළහ.

කාර්ය බහුල ක්‍රිකට් වාරයක් ඉදිරියේ දී එළැඹෙන බැවින් තම දරුවන් සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය නිසා ආසියානු කුසලානය සඳහා නම් කරනු ලබන කණ්ඩායමට තමා ඇතුළත් කර නොගන්නා මෙන් තෙන්ඩුල්කාර් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබිණි.

පසුගිය පෙබරවාරි මාසයේ දකුණු අප්‍රිකාවට එරෙහිව එක්දින ද්විත්ව ශතකයක් රැස් කරමින් ලෝක වාර්තාවක් තැබූ 37 හැවිරිදි තෙන්ඩුල්කාර් ඉන් අනතුරුව ජාත්‍යන්තර එක්දින තරගයකට සහභාගී වූයේ නැත.

මේ අතර ආසියානු කුසලාන තරගමාලාව වෙනුවෙන් නම් කළ ඉන්දීය කණ්ඩායමට යුවරාජ් සිං සහ යූසුෆ් පතාන් තෝරා ගෙන නොමැති අතර ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි 20 තරගාවලියේ දස්කම් දැක් වූ 20 හැවිරිදි සෞරාබ් තිවාරී පළමු වරට කණ්ඩායමට කැඳවා තිබේ.

ඉන්දීය පිල

මහේ්න්ද්‍ර සිං දෝනි (නායක), විරේන්ද්‍ර ෂෙවාග් (උප නායක) , ගෞතම් ගම්භීර්, විරාත් කෝලි, සුරේෂ් රයිනා, රෝහිත් ෂර්මා, රවින්ද්‍ර ජඩේජා, හර්බජන් සිං, ප්‍රවීන් කුමාර්, සහීර් ඛාන්, ආෂිස් නේරා, ප්‍රාග්යාන් ඕජා, අශෝක් දින්දා, රවිචන්ද්‍රන් අශ්වින්, සහ සෞරාබ් තිවාරි

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා