ඔහියෝ ප්‍රාන්තය හරහා හමා ගිය කුණාටුවකින් හත්දෙනෙක් ජීවිතක්ෂයට

ඔහියෝ ප්‍රාන්තය හරහා හමා ගිය කුණාටුවකින් හත්දෙනෙක් ජීවිතක්ෂයට

එක්සත් ජනපදයේ වයඹදිග ඔහියෝ ප්‍රාන්තය හරහා හමාගිය විනාශකාරි ‘ටෝනාඩෝ’ චණ්ඩමාරුතයකින් පුද්ගලයන් හත්දෙනකු මියගිය බව ඔහියෝ හදිසි කළමනාකාරිත්ව කාර්යාලය ප්‍රකාශ කැර තිබේ.

ඔහියෝහි වූඩ් කෝරළයට මෙම ටෝනාඩෝව කඩා වැදුණ අතර ඒහා සමාන තවත් ටෝනාඩෝ 6ක් ඔහියෝ ප්‍රාන්තය ඔස්සේ හමා ගොස් තිබේ. සෙනසුරාදා රාත්‍රියේ සිට ඉරිදා පහන්වනතුරු මෙම ටෝනාඩෝවන් ක්‍රියාත්මකව තිබේ.

ඔහියෝ හි මිල්බරි නම් කුඩා නගරයේ දී මියගිය පස් වියැති දරුවක ද මරණ ගොන්නට ඇතුළත්ව තිබේ. මිල්රෝයි නගරයට ටෝනාඩෝව කඩා වැදීමෙන් නිවාස 50ක් පමණ විනාශ වී තිබේ. ව්‍යාපාරික ස්ථාන ද හානියට පත්ව ඇත. ප්‍රදේශයේ උසස් පාසලේ වහල ගසාගෙන ගොස් බිත්ති බිඳී ඇත.

ටෝනාඩෝව යාර 100ක් පලළ සැතපුම් 7ක් දිග කොරිඩෝවක් මුළුමනින් ම විනාශ කැර ඇත.

පුද්ගලයන් 12 දෙනකු පමණ රෝහල් ගත කැර තිබේ. ඔහියෝ ප්‍රාන්තයේ පමණක් නොව මිචිගන්හි 11 දෙනෙකු ද ඉලිනොයිස්හි 17 දෙනකු ද ඉන් තුවාල ලබා ඇත.

මිචිගන් න්‍යෂ්ටික බලාගාරයක බිත්තියකට හානි සිදුවීමෙන් එය වසා දැමීමට පවා සිදුව ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා