මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දුව මැඬලීම සාර්ථක අදියරක

මෙක්සිකෝ බොක්කේ තෙල් කාන්දුව මැඬලීම සාර්ථක අදියරක

මෙක්සිකෝ බොක්කේ හානියට පත් තෙල් ළිඳෙන් ඇතිවුණු තෙල් කාන්දුව මැඩලීමට සමත්ව ඇතැයි විශ්වාසය පළකරන එම තෙල් ළිඳ අයත් බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගම, කාන්දුව මැඩලීමට යොදන ලද ආරක්ෂිත වැස්ම මැනවින් ක්‍රියාත්මක බව පෙනීයන බවත් දැන් දෛනිකව එම තෙල් ළිදෙන් බොරතෙල් බැරල් 10,000ක් පමණ සයුරු ජලයට එක්වීම වළකාලීමට සමත් ව ඇති බවත් ප්‍රකාශ කැර තිබේ.

හානියට පත් තෙල් ළිඳට ආසන්න ලුයිසියානා ප්‍රාන්ත වෙරළ මහා පරිසර විනාශයකට ගොදුරුව ඇති අතර එය අන් ප්‍රදේශවලට පැතිරෙතැයි පැවැති බිය නිසා මීටර් 1600ක් ගැඹුරේ සිදුවන කාන්දුව මැඬලීමට අසාර්ථක ප්‍රයත්නයන් කීපයක් දැරීමෙන් පසු පසුගියදා අවසන්වරට යෙදූ ආරක්ෂිත වැස්ම සාර්ථක වී ඇති අයුරක් පෙනේ යැයි අදාළ සමාගම කියා ඇත.

කෙසේවෙතත් එම ආරක්ෂිත වැස්ම යෙදීමෙන් පසු දෛනිකව බැරල් 10,000ක් පමණ සයුර මතුපිටට ගෙනඒමට හැකිව ඇති බව ද ඔවුන් පවසා තිබේ.

මෙක්සිකෝ බොක්ක තෙල් කාන්දුව මහා පරිසර හානියකට තුඩු දී ඇති අතර ලුයිසියානාහි බරාටාරියා බොක්කේ තෙල් තැවරුණු පෙලිකන් පක්ෂියකු බේරාගැන්ම සඳහා
වෙරදරන පරිසරවේදීන්ය මේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා