‘ෆෙට්’ චණ්ඩ මාරුතය පාකිස්තානයේ 4ක් බිලි ගනී

 ‘ෆෙට්’ චණ්ඩ මාරුතය පාකිස්තානයේ 4ක් බිලි ගනී

ඕමානයේදී පුද්ගලයන් 15 දෙනකුගේ ජීවිත අහිමි කළ නිවර්තනීය “ෆෙට්” චණ්ඩමාරුතය පෙරේදා පාකිස්තානයේ වෙරළබඩ දිස්ත්‍රික් දෙකකට කඩාවැදී සිවුදෙනකු ජීවිතක්ෂයට පත් කිරීමෙන් පසු දුර්වල තත්ත්වයට පත්ව ඇතැයි බලධාරීන් ප්‍රකාශ කැර තිබේ.

“ෆෙට්” කඩාවැදීමෙන් කරච්චි නුවර සිවුදෙනකු මියගියේ දැඩි සුළං හා තද වැසි මැද කඩා වැටුණ විදුලි රැහැන්වල ගැටී විදුලි සර වැදීමෙනි. සින්ද් හි තට්ටා හා බැඩින් යන දිස්ත්‍රික්කයන්ට ඉන් හානි සිදුවිය. ඊයේ වනවිට එය අවපාතයක් බවට පෙරළෙනු ඇතැයිද සඳහන්ව තිබිණ.

‘ෆෙට්’ චණ්ඩමාරුතය පැයට කි. මී. 100ක වේගයෙන් කඩාවදිතැයි බියෙන් දස දහස් ගණන් පිරිස අදාළ ප්‍රදේශවලින් ඉවත් කර තිබිණ. මේ ජනතාවට වහා සහන සපයන ලෙස පාකිස්තාන ජනාධිපති අසිෆ් අලි සර්දාරි නියෝග කැර ඇත.

 ‘ෆෙට්’ චණ්ඩ මාරුතයෙන් පසු කරච්චිය ආසන්න පෙදෙසක ජලගැල්මට ගොදුරු වූ සිය නිවාස පෙළ අතරින් ගමන් කරන පාකිස්තාන දරුවන් පිරිසකි මේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා