මීවනපලාන පෙහෙකම්හල් ගොඩනැඟිල්ලෙන් පලක්ගන්න

මීවනපලාන පෙහෙකම්හල් ගොඩනැඟිල්ලෙන් පලක්ගන්න

අපේ ගමට පුස්තකාලයක් තවමත් නෑ

1992 වසරේ දී ගලේවෙල ප්‍රා. ලේ. කොට්ඨාසයේ මීවනපලාන ගම්මානයේ පේෂකර්මාන්තායතනයක් ආරම්භ කෙළේ ප්‍රදේශයේ තරුණ තරුණියනට රැකියා ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙනය. ඇඟලුම් කම්හලක් මේ ප්‍රදේශයේ ස්ථාපිත කිරීමත් සමඟම පේෂ කර්මාන්ත ශාලාවේ සේවය කළ තරුණයන් ඒ කරා ඇදී ගියේ වැඩි වැටුප් ලබා ගැනීම අදහසිනි. එම නිසා කර්මාන්ත ශාලාව වැසී ගියේය.

පේෂ කර්මාන්තායතනයේ ආරම්භක සේවිකාවක් වන පී. ආර්. සුමනාවතී (50) - සේවය කළ තරුණයන් රැක ගැනීමට හෝ මේ කර්මාන්තය දියුණු කිරීමට ක්‍රමවේදයක් නොතිබීම නිසා මෙම කර්මාන්තශාලාව වැසී ගියා. අද වනවිට එය අබලන් වෙලා. මෙහි තිබූ පේෂකර්ම යන්ත්‍ර එම දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරගෙන ගියා. මේ ශාලාව ගමේ පොදු කාර්යයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකියි.

පී. ඒ. ජී. පි‍්‍රයන්ජිත් මහතා - මෙම ගොඩනැගිල්ලේ ගමට අවශ්‍ය පුස්තකාලයක් විවෘත කිරීමට ඉල්ලා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් මගින් මධ්‍යම පළාත් පේෂකර්ම අධ්‍යක්‍ෂවරයාට ලිපියක් යැව්වා. අද වනතුරු පිළිතුරක් නෑ.

ගොඩනැගිල්ලේ බිත්ති පුපුරා ඇත. වහලේ උළු කැඩී ඇත. ලක්‍ෂ ගණනක් වැය කර ඇති මේ ගොඩනැගිල්ල බිමට සමතලාවීමට පෙර ප්‍රයෝජනවත් කටයුත්තකට යොදා ගන්නා ලෙස ගම්මු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා