කැබැල්ලවිට - කපුහේන වැසියන්ගේ ගමන් පහසුවට නව මාර්ගයක් ඉදිවෙයි

කැබැල්ලවිට - කපුහේන වැසියන්ගේ ගමන් පහසුවට නව මාර්ගයක් ඉදිවෙයි

පළාත් සභා මන්ත්‍රී කාමල් කුරුප්පු මහතා ප්‍රදේශවාසීන් හමුවී මාර්ගය ඉදි කිරීම පිළිබඳව සාකාච්ඡා කළ අයුරු හා මාර්ගයේ ඉදි කිරීම් සිදුවන අයුරු. ඡායාරූප- කල්එලිය සමූහ

මීරිගම මැතිවරණ කොට්ඨාසයේ වයඹ පළාත් මායිමේ කැබැල්ලවිට හා කපුහේන පදිංචිකරුවනට අඹේපුස්ස නගරයට පහසුවෙන් ළඟාවිය හැකි අයුරින් දුම්රිය මාර්ගයට සමාන්තරව මාර්ගයක් තැනීමේ කටයුතු බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී කාමල් කුරුප්පු මහතාගේ මෙහෙයවීම මත ආරම්භ කර තිබේ.

දැනට මේ ප්‍රදේශයේ ජනතාව අඹේපුස්ස නගරයට හෝ කීනදෙණිය පාසලට පැමිණීමට කිලෝමීටර් හත අටක දුරක් ගමන් කිරීමට ඇති අපහසුව නිසා පාසල් දරුවන් මෙන්ම කැබැල්ලවිට ප්‍රදේශයේ ජනතාව ජීවිත පරදුවට තබමින් දුම්රිය මාර්ගය දිගේ පයින් ගමන් කිරීමට පුරුදුව සිටිති.

නව මාර්ගය ඉදිවීමෙන් පසුව එම ප්‍රදේශයේ ජනතාවට කිලෝමීටරයකට වඩා අඩු දුරකින් තම ගමන් පහසුව සලසා ගැනීමට අවස්ථාව සැලසේ. දුම්රිය මග දිගේ ගමන් කළ පිරිස් අවස්ථා ගණනාවකදීම අනතුරට පත්ව ඇතැයිද මේ තත්ත්වය සලකා බලා නව මාර්ගය ඉදිකිරීමට තම ප්‍රතිපාදන යෙදවීමට තීරණය කළ බවද කුරුප්පු මහතා කීය. මෙම බාරදුර කටයුත්ත ඉක්මණින් අවසන් කිරීම සඳහා සැමගේ ආධාරය හා සහාය ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන්නේයැයිද ඒ මහතා කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා