දියුණු වෙමින් පවතින හම්බන්තොට සපුතන්තිරිකන්ද විදුහලේ මේ අඩුපාඩු සපුරන්න

දියුණු වෙමින් පවතින හම්බන්තොට සපුතන්තිරිකන්ද විදුහලේ මේ අඩුපාඩු සපුරන්න

ඇළ දොළ ගිරි ශිඛර තරණය කරමින් නැණ නුවණ ලබන්නට එන හම්බන්තොට දිස්ත්‍රික්කයේ සපුතන්තිරිකන්ද ගම්මානයේ දරුවන්ගේ පාසල පසුගිය (2003 මැයි 17) නාය යෑම්වලදී විනාශ විය. ගම්වාසීන් එකමුතුව තාවකාලික ගොඩනැගිල්ලක් ඉදි කර විද්‍යාලය පවත්වා ගැනීමට ගම්වාසීන් උත්සාහ ගත්ත ද අධ්‍යාපනය ලබන සිසු දරු දැරියෝ ටිකෙන් ටික විද්‍යාලයෙන් බැහැර ගියහ.

ගම්වාසීන් ඉදි කළ ගොඩනැගිල්ල අබලන් වෙමින් පවතින අයුරු

වැසෙන්නට ගිය මේ පාසලට අලුතින් විදුහල්පතිවරයකු පත්ව ආවේය. ඔහු එන්. ඩී. කරුණාතිලකය. 2009 වර්ෂයේ මුල් කාලයේ විදුහලට සේවයට එන විට පාසලේ මුළු ළමයින් සංඛ්‍යාව 8 දෙනෙක් වූහ.

මේ වන විට විද්‍යාලයේ තත්ත්වය ඉතා දියුණුවට පත්ව තිබේ. දැන් ළමයින් 20 දෙනකු සිටිති. 2009 වසරේ 5 වසර ශිෂ්‍යත්වයට ඉදිරිපත් වූ එකම සිසුවාද ලකුණු 158 ක් ලබා විභාගය සමත් විය.

විදුහල්පති සමග ගුරු මණ්ඩලය හය දෙනෙකි. පළමු වසරේ සිට 5 වසර දක්වා පන්ති පැවැත්වේ. ලබන වසරට ළමයින් 12 දෙනකු ඇතුළත් කිරීමට දැනට ඇයැදුම් පත්‍ර ලැබී ඇත. විද්‍යාලයේ භෞතික සම්පත් දියුණු කරමින් 2007 ජනවාරි 01 දින 80 ය 20 ප්‍රමාණයේ නව ගොඩනැගිල්ලක්ද ළමා උද්‍යානයක්ද වැසිකිළි පහසුකම් ද විදුහලට ලැබී ඇත.

එහෙත් පාසලට ඇති මාර්ගය අද ඉතා අබලන්ව තිබීම විද්‍යාලයේ දියුණුවට බාධාවක් වී ඇත. කිරම ඌරුබොක්ක මාර්ගයේ වරාපිටියෙන් හැරී කිලෝමීටර් 4 ක් පමණ දුරක් මේ විද්‍යාලයට ඇත. එම මාර්ගය ගල් ගැලවී වලවල් හෑරී අබලන් වී පයින් යා නොහැකි තරමට දුෂ්කර මාර්ගයක් වී ඇත. එමෙන්ම විද්‍යාලයට විදුලිය නැත. විදුහල අසලින්ම එකලා රැහැන් මගක් පවතී. ගම්මුන් විසින් මුලින් ඉදි කළ ගොඩනැගිල්ල අබලන්ව ඇත. සෙවිලි තහඩු සුළඟට ගොස් විනාශ වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා